Local News

සම්බා සහල් හිඟයක් ?

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා. පාරිභෝගිකයන් සඳහන් කළේ දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අසත්‍ය ප්‍රකාශ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය. කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම රිවර්ස් වෙයි

ඊයේ (22)මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවත් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මිල ඉහළ දැමීම රිවර්ස් කල බවයි. ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

විවාහ උත්සව ශාලා ගාස්තු 40 % කින් ඉහළට

විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ වගේම පසුගිය කාලයේ දැනට තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා බව පවසයි.

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව Read More

අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාව සමඟ සාමූහික ක්‍රියාමාර්ගයක

අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය, ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින බව IMF ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි. ආර්ථික අභියෝග සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත්, ඒ සඳහා සැලසුම් සකස් කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ජාවලදී අවධානයට ලක්වූ මූලික කාරණය බව, IMF කළමනාකාර අධ්‍යක්‍ෂවරිය පැවසුවාය. මුදල් අමාත්‍ය අලි සබ්රි Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වලද, මි.මී. 50 ට Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25වැනිදා පෙරවරු 10.00ට කොප් කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල Read More

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවේ සිටින මන්ත්‍රීවරයාට කරන්නේ කුමක්ද

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නිදහස් කරනවාද? යන්න වහා ප්‍රකාශ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(21) පැවසීය. පොලිසියට මෙන් ම නීතිපතිට ඒ කාරණය දන්වන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. “අප අද පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. අපේ Read More

සමගි ජන බලවේගය 21 ගේන්න කථානායකට කෙටුම්පතක් බාර දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් ඊයේ  (21) කතානායක මහින්ද යාපා අබෙිවර්ධන මහතාට බාර දුන්නේය. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අදාල කෙටුම්පත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත බාරදුන් අතර අනතුරුව කතානායකවරයා වෙත එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී කතානායක කාර්යාලයේදී බාර දෙනු ලැබීය. Read More

t

o

p