Local News

ඩොලර් මිලියන 2,500ක ඉතිරියක්

ඇතැම් භාණ්ඩ ආනයනය අත්හිටුවීම හේතුවෙන් මාස 6ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 2,500ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් රේගු මූලස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි. අර්බුද මැද පසුගිය වසරේ සියයට 50ක ආදායමක් රේගුව විසින් ඉපයූ බවයි මුදල් Read More

ඇපල් සමාගමෙන් පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්. Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ. මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට Read More

බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කෝප් කමිටුව අදාළ නිලධාරීන් කැඳවයි

දේශීය කුකුළු නිෂ්පාදන කර්මාන්තය සුරක්ෂිත කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් තීරණය කිරීම සඳහා කරුණු 4ක් පිළිබඳ සාකච්ඡා කිරීමට කෝප් කමිටුව අදාළ නිලධාරීන් කැඳවයි. • නිෂ්පාදන පිරිවැය සාධාරණ ලෙස ඇස්තමේන්තු ගත කොට වෙළෙඳපොළ තුළ බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීම පිළිබඳ අවධානය • කුකුළු නිෂ්පාදන ආශ්‍රිත දේශීය බිත්තර කර්මාන්තය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා. • Read More

ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක් අද (26) පැවැත්වේ. ඒ, පස්වරු 4.00 ට ජනාධිපති කාර්යාලයේදීයි. කතානායකවරයාට, අග්‍රාමාත්‍යවරයාට, විපක්ෂ නායකවරයාට මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ට, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා Read More

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (25) රාත්‍රියේ නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි. ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලට අදාළව එක් එක් දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණු ද නිකුත් කර තිබේ. ඒ අනුව සිංහල මාධ්‍ය සඳහා කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර සහ කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා කඩඉම් ලකුණ Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පළමු වරට රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පළමු රැස්වීම කථානායක සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මෙන්ම මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයින් වන ආචාර්ය ප්‍රතාප් රාමානුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ ආචාර්ය දිනේෂා සමරරත්න යන Read More

උසස් පෙළ අවසානය දක්වා විදුලිය කැපීම අත්හිටුවයි

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාවය පළවී තිබේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් සහ මහජන උපයෝගිතා යන කොමිසන්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යෝජනා කළ බවත් ඒ සඳහා වැයවන පිරිවැය අයකරගැනීමට අවශ්‍ය කොන්දේසි ඉදිරියේ කිරීමට Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අයකරගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කෙරිණි. මෙම යෝජනා ඉදිරිපත් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි Read More

නවසීලන්ත නව අගමැති දිවුරුම් දෙයි

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ක්‍රිස් හිප්කින්ස් දිවුරුම්දී තිබෙනවා. ඔහු එලෙස දිවුරුම්දී ඇත්තේ එරට 41 වන අග්‍රාමාත්‍යවරයා ලෙසයි. වොලින්ටන් අගනුවරදී නවසීලන්ත ආණ්ඩුකාරවරයා ඉදිරියේ ඔහු අග්‍රාමාත්‍යධූරයේ දිවුරුම්දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වයස අවුරුදු 44 ක් වන ක්‍රිස් හිප්කින්ස් අධ්‍යාපන සහ පොලිස් අමාත්‍ය ධූරය මීට පෙර හොඹවනු ලැබුවා. ඔහු කම්කරු පක්ෂයේ නායකයා ලෙසද පත්ව තිබෙනවා. ඔක්තෝම්බර් මාසය Read More

විදුලිබල ලේකම් සහ උපයෝගීතා කොමිසමේ සභාපති අද මානව හිමිකම් කොමිසම හමුවට

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා සහ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා අද මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ. ඒ අනුව අද උදෑසන 10.30 ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැත්වෙන පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙස ඔවුන් වෙත දැනුම් දී ඇති බවයි Read More

t

o

p