Special News

ඔලිම්පික් උළෙලට සුදානම් වන බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර

31 ඔලිම්පික් උළෙල බ්‍රසිල් ජාතිකයන්ට පමණක් නොව දකුණු ඇමෙරිකානු සියළුම රටවල් වලට එය වැදගත් උත්සවයකි.  වසර 120 කට පසුව දකුණු ඇමෙරිකානු රටකට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට වරම් හිමිව ඇත. විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානයෙහි පසුවන බ්‍රසීලය ලංකාව මෙන් 130 ගුණයකින් පමණ විශාලය. සීනි , කෝපි වැනි කෘෂිකාර්මික බෝග වලට ලොව අංක 1 ස්ථානයක් හිමිකරගැනීමට බ්‍රසීලය සමත්ව Read More

ව්‍යාජ කොන්ත්‍රාත් ගත් පොලිස් ලොක්කාට වැඩ වරදින ලකුණු

පොලිස් ගොඩනැගිලි අලූත් වැඩියා කරන බවට ව්‍යාජ කොන්ත‍්‍රාත්කරුවෙක් ඉදිරිපත්කර රුපියල් මිලියන දෙකකට අධික මූල්‍ය වංචාවක නිරතවූ බව සදහන් පොලිස් ප‍්‍රධානියෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන එ්කකය පරීක්‍ෂණයක් ආරම්භකර තිබේ. වයඹ පළාතේ පොලිස් කොට්ඨාශයක මෙම මූල්‍ය වංචාව සිදුවී ඇති අතර දැන් එම පොලිස් ප‍්‍රධානියා වයඹ පළාතේ සේවයේ නොමැති බව පොලිස් මූලස්ථාන තොරතුරු සදහන් කළේය. පොලිස් අධිකාරී Read More

අත්ලෙන් විදහා දැක්වෙන කාන්තා හා පුරුෂ වාසනාව අවාසනාව

දේහ ලක්ෂණ විද්‍යාවේ මුලිකාංග අපි පසුගිය සතියේදි ඉදිරිපත් කළෙමු. දේහ ලක්ෂණ අනුව මනුෂ්‍ය ශරිරයේ තවත් වැදගත් අංගයක් වන්නේ දෙ අත්ලයි. හස්ත රේඛා එක් අයෙකුට එක් අයෙකුගෙන් සපුරා වෙනස් බව නවීන විද්‍යාවෙන්ද පිළිගෙන තිබේ. අපරාධකරුවන්ගේ ඇගිලි සලකුණු ගන්නේ එබැවිනි. කෙසේනමුත් දේහ ලක්ෂණ විද්‍යාවේදී ද හස්ත රේඛා සම්බන්ධයෙන් වැඩි ඉඩක් වෙන් කර ඇත. එසේම ඇගිලි පිහිටන ආකාරය Read More

රාජ්‍ය ආයතන විකුණා දැමීම හෙවත් පෞද්ගලික අංශයේ සහභාගීත්වය

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු රාජ්‍ය ආයතන 7 ක් කොටස් වෙළෙද පොළ හරහා විකුණා දැමීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව කොළඹ හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයට් රීජන්සීස් හෝටලය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දැමීමට අපේක්ෂිතය. ඒ අනුව මේ සඳහා අභිරුචි අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තාවේ. මෙයින් අදහස් කරන්නේ Read More

විහාර පාර්ශව සඳහා නව නිති ව්‍යවස්ථාවට

ශ්‍රී ලංකාවේ විහාර පාර්ශවයන්හී සංයුතිය කිසිදු ජනාධිපතිවරයෙකුට හෝ රජයකට වෙනස් කළ නොහැකි විධි විධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරිමට ආණ්ඩුව තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ  යෝජනාවක් අනුව සකස් කළ මෙම විධිවිධානය මගින් මෙරට කිසිදු විහාර පාර්ශවයක සංයුතිය වෙනස් කිරිමට කිසිවෙකුටත් අවස්ථාවක් හිමි නොවේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති Read More

ජාතික ආරක්ෂාවේ නාමයෙන් පාලම පුපුරුවා හරින්න අපි සුදානම්

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් අතුරු ප්‍රශ්නෙකට පිළිතුරු ලබා දෙමින්  ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බව පිවිතුරු හෙ‍ළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙම පාලම  ඉදිකිරීමෙන් Read More

ඉවසුවා ඈති…

දැන් ඉවසුවා හොඳටම ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. සිය අමාත්‍යංශයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහු කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ නොවී රැක ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගත් බවයි. රජෙක් වගේ සිටි මහින්ද රාජපක්ෂ රතු පලසින් තාර පාරට දමාගෙන සිදුකරන මෙම ක්‍රියාදාමය තවදුරටත් බලා සිටිය නොහැකි බව ඔහු කීවේය. එසේම Read More

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය

මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී සිදු කෙරෙන බව බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි. මද්‍යසාර පිළිබඳ ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී ඊයේ (03) සහභාගී වෙමින් වෛද්‍ය පාලිත අබේකෝන් මහතා මේ Read More

අපේ මිනිස්සු හොදට බොනවා…..

යුරෝපයේ රටවල ජනතාව දෛනිකව පරිභෝජනය  කරන මද්‍යසාර ප්‍රමාණය මෙන් පස්ගුණයක ප්‍රමාණයක් ලංකාවේ ජනතාව පරිභෝජනය කරන බව අනාවරණය වී තිබේ. දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක් බවද කී ඔහු ලංකාවේ මද්‍යසාර Read More

අවි – මිනිස් – මත්ද්‍රව්‍ය ජවාරම් මඬින හැටි අගමෑති කියයි

අවි, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට සාමුහීක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ. ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජකර්තා අගනුවර දී එරට දේශපාලන, නීතිය හා ආරක්ෂක අමාත්‍ය විරන්තෝ මහතා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ. මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය Read More

t

o

p