දරුවා හතලිස්දාහකට විකුණන්න හැදූ පියා කී කතාව

August 24, 2016

සිය නිවසෙහි අත්තිවාරම දැමීමට මුදල් සොයාගනු පිණිස තම දරුවා අළෙවි කිරීමට උත්සහ දැරූ පියෙකු පිළිබඳ පුවතක් දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම පියා 28 වියැති අයෙකුවන අතර ඇගේ බිරිඳ 24 හැවිරිදි වියේ පසුවන බව යි පැවසෙන්නේ.

ඔවුන් දෙදෙනාගේ මාස අටක් වයසැති පිරිමි දරුවා යි මෙලෙස අළෙවි කිරීමට උත්සහ දරා ඇත්තේ.

දරුවාගේ පියා ජාතික පුවත් පතක් වෙත දක්වා ඇත්තේ මෙවැනි අදහසක්.

“මහත්තයෝ මේ ඉඩම අපේ තාත්තා මට දුන්නේ. මම පොඩි පොල්අතු පැලක් හදාගෙන ජීවත් වුණා. ඔහොම ඉද්දි පිටරට ආයතනයකින් තහඩු ගහලා ගෙයක් හදලා දුන්නා. මම දැනට රස්සාවට කරන්නේ මාළු අල්ලන අයගෙන් මාළු අරගෙන ගම්මානවලට ගිහින් විකුණලා කීයක් හරි හොයා ගන්නවා. මාළු වැලක් රුපියල් 150යි මං විකුණන්නේ. ඉතින් රුපියල් 300ක් විතර තමා දවසට හොයා ගන්න පුළුවන්. මම ගෙයක් හදා ගන්න ගොඩක් ආසාවෙන් හිටියා. දැන් අවුරුදු තුනක වෙලේ ඉඳන් කළුගල්, වැලි හොයා ගත්තා. ඒත් සල්ලි නෑ. දැන් අනිත් වැඩ ටික කරගන්න මම ගොඩක් ආසාවෙන් හිටියා රජයෙන් මටත් ගෙයක් හඳලා දෙයි කියලා. ගමේ අයත් මට විහිළු කරනවා ගෙයක්වත් නෑ කියලා. මම කොච්චර මහන්සි වුණත් වෙන රැකියාවක් මට නැති නිසා සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. මට තිබුණු එකම විසඳුම තමයි දරුවා විකුණලා රුපියල් 40,000ක් අරගෙන ෆවුන්ඩේෂන් එක දාගන්න ඊට පස්සේ පුළුවන් විදියට ගේ හදා ගන්නවා. මට තවත් ලොකු ප්‍රශ්නයක්. මේ මගේ බිරිය ලාම්පුතෙල් බොනවා. සබන් කනවා. ළිපේ අළු කනවා. ඉතින් එයාව ක්ලිනික් යවන්නත් ඕනේ. එයාගේ බෙහෙත්වලට ලොකු වියදමක් යනවා. ඒ බෙහෙත් ටිකවත් අරන් දෙන්න මට වත්කමක් නෑ. දරුවා විකුණන්න ලියුමක් ලියලා ග්‍රාමසේවක නෝනාට දුන්නා. ඊට පස්සේ මම මුස්ලිම් කෙනකුට කතා කරලා තිබුණේ. ඒත් මට පොලිසියයි ග්‍රාමසේවකයි ඇවිත් කීවා මේ ළමයා ඔයාගේ වුණාට රජයට අයිති ඒ නිසා විකුණන්න බෑ. ළමයින්ට හොඳට කන්න බොන්න දීලා හොඳට උගන්වන්න කියලා. ඒත් මට කවුරුත් අඩුම ගානේ සමෘද්ධියවත් හදලා දෙන්න කටයුතු කළේ නෑ.”

Sammy

Previous story Next story

Leave a comment

t

o

p