Special News

2017 රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වසර

2017 වර්ෂය රට දිළිඳුකමින් නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බැව් ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක‍්වෙමිනි.රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය නොවන සියලු ආයතන Read More

එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මරා දැමූ අයියා මලෝ පෝරකයට

තංගල්ල උණාකූරුව මුහුදු වෙරළේ දී එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු 2002.10.02 දින ඉතා අමානුෂික ලෙස කපා කොටා, වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ චෝදනාවට වරදකරුවන් වූ එකම පවුලේ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඊයේ (29) මරණ දඩුවම නියම කළාය. විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහිව පැවැති නඩු විභාගය අවසානයේදී තුන්වන හා හතරවන විත්තිකරුවන් නිදහස් කෙරිණි. මෙසේ මරණ දඬුවම Read More

එක්නැලිගොඩ පැහැරගත්තේ හමුදා බුද්ධි අංශ නිලධාරීන්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගත්තේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවට වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත්, ඒ සඳහා සාක්ෂි ඇති බවත්, නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරල් සරත් ජයමාන්න මහතා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සඳහන් කළේය. එම පැහැරගැනීම සිදුකළේ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් මෙන් වෙස්වළාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු විසින් බවට පැහැදිලි සාක්ෂි ඇති බවට Read More

ජනපති වෙබ් අඩවියට රිංගූ පාසල් සිසුවා අත්අඩංගුවටගනී

ජනාධිපති නිල වෙබ් අඩවියට ඇතුළු වී එය අක්‍රීය කළ බවට සැකකරන මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවකු ඊයේ (29) රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 26දා මේ නිල වෙබ් අඩවියට හැකරෙකු ලෙස ඇතුළු වී එහි පණිවුඩ මකා ශ්‍රී ලංකා තරුණයින් නමින් හඳුන්වාගත් අයකුගේ තොරතුරු ඇතුළත් කරමින් හැකර් ප්‍රහාරයට ලක් කර තිබුණි. එසේ වුවද Read More

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට කැබිනෙට්ටුවේ සහය

දේශපාලන පලිගැනීම්වලට ලක්වූ බව සදහන් පොලිස් නිළධාරීන් 129 දෙනෙකු සම්බන්ධයෙන් වූ කැබිනට් තීන්දුව ජාතික පොලිස් කොමිසමට ලැබී ඇතැයි එහි ලේකම් ආරියදාස කුරේ මහතා සදහන් කළේය.

අධිවේගයේ අනතුරින් 2ක් මරුට

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා – ඇළ පිටවීමේ දොරටුව ආසන්නයේදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. මෝටර් රථයක් විදුලි කණුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් 19 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පැවසුවේය. ඔහු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ. සිද්ධියෙන් Read More

පැරා ඔලිම්පික් උළෙල 7දා

මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ලබන මස 07 වනදා ආරම්භ වෙයි. එම තරගාවලිය ලබන මස 18 වනදා දක්වා බ්‍රසීලයේ රියෝද ජනෙයිරෝ හිදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය සඳහා රටවල් 170ක් නියෝජනය කරමින් අබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්  4000ක් පමණ   සහභාගී වන බව වාර්තා වෙයි. තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය.

ගිණිසීරියා දැව කැපු යුධ හමුදා සාමාජිකයන් අත්අඩංගුවට

පුලියන් කුලමේ රජයේ ඉඩමකින් ගිනිසීලියා දැව කපමින් සිටි යුධ හමුදාවේ සාමාජිකයන් සිව් දෙනෙක් පුලියන් කුලම  ප‍්‍රාදේශීය ලේකම් සහ ග‍්‍රාමසේවක නිළධාරියා සමග ගම්වැසියන් 50 දෙනෙක් පමණ එක්ව අල්ලා 26 වෙනිදා පොලිසියට භාරදී ඇත. උතුරේ වැසියන්ට බෙදා දීමට නියමිත එම ඉඩමෙන් දිගින් දිගටම හමුදාවේ සාමාජිකයන් ගිනිසීලියා දැව කපන බව ගම්වැසියන් විසින් ග‍්‍රාමසේවක මගින් ප‍්‍රාදේශිය ලේකම්වරයාට කර ඇති Read More

පාර්ලිමේන්තුවේ දී ජනපති එම්.කේ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ ගුණ සිහිකරයි..

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අභවප්‍රාප්ත හිටපු ඇමති එම්.කේ.ඩි.එස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ශෝක යෝජනාවට අද (26) එක් විය. මන්ත්‍රීවරයෙකුගේ අභාවයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන ශෝක යෝජනාවකට එක්වී අදහස් දැක්වීමට ජනාධිපතිවරයෙකු සහභාගී වූවේ පළමු වතාවටය. ජනාධිපතිවරයා සවස 2.00 ට පමණ පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි අතර ඒ වන විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ Read More

ඖෂධ මිල අඩු කරනවා

ඉදිරි සති දෙක ඇතුළතදී ඖෂධ මිල අඩු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (26) ප්‍රකාශ කළේය. ඉතාම අඩු මිලකට අහිංසක රෝගී ජනතාවට ඖෂධ ලබාදීමට අවශ්‍ය මිල සූත්‍රය සැකසීමේ කටයුතු මේ වන විට අවසන් කරමින් තිබෙන බව ද ඇමැතිවරයා කීය.  ජාතික ඖෂධ පනත සම්මත කර වසරක් ගත වුවද ඖෂධ අඩු කිරීමේ Read More

t

o

p