Special News

ජානක වක්කුඹුර සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වෙයි

රත්නපුර දිස්ත්‍රීක් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා තමන් එතෙක් දැරූ කලවාන ශ්‍රීලනිප ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ජානක වක්කුඹුර මහතා පසුගිය මහමැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්විය.

ඉතාලි භූ කම්පනයෙන් 63ක් මරුට

මධ්‍යම ඉතාලියේ ඇති වූ රික්ටර් පරිමාණ 6.2ක භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හානි සංඛ්‍යාව 63 දක්වා ඉහළ ගොස් තිබේ. භූ කම්පනයෙන් පසුව සුන්බුන් අතර සිරවී අතුරුදන්ව සිටින පුද්ගලයන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බව ඉතාලි බලධාරීහු පවසති.

ළාබාලතම වෙබ් නිර්මාණවරිය

තොරතුරු තාක්ෂණය පිළිබඳ බීසීඑස් උපාධිය වයස අවුරුදු 11 දි සම්පුර්ණ කළ සහ වයස අවුරුදු නවයේ දී වෙබ්  අඩවියක්  නිර්මාණය කරමින්  මෙරට ළාබාලතම වෙබ්  නිර්මාණවරිය බවට  පත්වු  මහනුවර   කොළඹ ජාත්‍යන්තර  පාසලේ  අධ්‍යාපනය ලබන වෂින්‍යා  ප්‍රේමානන්ද සිසුවිය  සිය දෙමාපියන් සමඟ අද (23) ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා  හමු විය. සිසුවියගේ  දක්ෂතා  අගය කරමින් ඇයට  දිප්තිමත්  අනාගතයකට  සිය Read More

නේපාලයේ ආයෝජනයට ලංකාව සැරසෙයි

නේපාලයේ අධ්‍යාපන හා යටිතල පහසුකම් සඳහා ආයෝජනයට ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව, නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිනි ඩබ්. එස්. පෙරේරා මහත්මිය පැවසීය. නේපාලයේ වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සව අවස්ථාවකට එක්වෙමින් පෙරේරා මහත්මිය මේ බව සඳහන් කරන ලදී. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නව ශ්‍රී ලංකා තානාපතිනිය, දෙරට අතර ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික Read More

කොළඹ ක්‍රියාදාමයේ පස්වන සමුළුව 25දා

කොළඹ ක්‍රියාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ පස්වන සමුළුව ලබන 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ ක්‍රියාදාමයේ රටවල වත්මන් සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය. ඒ අනුව Read More

අද තරඟයේ ටිකට් සියල්ල විකිණිලා

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර අද (24) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරඟයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වන විට විකිණී අවසන් බව වාර්තා වේ. මෙම තරඟාවලිය සඳහා bookmyshow.com වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශපත්‍ර කලින් වෙන්කර ගැනීමේ අවස්ථාව හිමිව තිබිණි. කෙසේ වෙතත් අද තරඟය සඳහා වන ප්‍රවේශපත්‍ර අලෙවිය මේ වන විට එම වෙබ් අඩවිය නතර කර Read More

පාස්පෝට් කාර්යාලය බත්තරමුල්ලට

කොළඹ 10 ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය, 2016 අගෝස්තු 29 වනදා සිට බත්තරමුල්ලේ ‘සුහුරුපාය‘ ගොඩවැගිල්ලට ගෙන යන බව නිවේදනය කර සිටී. මෙහිදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටින්නේ අගෝ: 29 වන දින විදේශ ගමන් බලපත්‍ර සාමාන්‍ය සේවය, වීසා නිකුත් කිරීම, විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය, පුරවැසිභාවයට අදාළ කටයුතු වැනි සේවාවන් සීමාසහිතව Read More

කුසල්ට ICCයෙන් වන්දි ගෙව්වා ද ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට පනවා තිබූ තරග තහනම පිළිබඳව පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක් වුණා. ඒ එම තරග තහනම පැනවීමට හේතු වූ තහනම් උත්තේජක චෝදනාව පදනම් විරහිත බවට ඔප්පු වීමත් සමග යි. මේ සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් වන්දි මුදලක් අය කරගන්නා බවට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ Read More

12 වියැති පිරිමි ළමයෙකු අතින් දැරිය දූෂණය වෙයි

දූෂණයට ලක් වූ 7 වියැති කුඩා දැරියක් සිය දිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. වඩාත් සුවිශේෂී කාරණාව වන්නේ මෙම දැරිය දූෂණයට ලක්ව ඇත්තේ 12 වියැති පිරිමි ළමයෙකු අතින් වීම යි. මෙම පිරිමි ළමයා බොහෝ කාලයක සිට අදාළ දැරියගේ නිවසේ නිතර රැඳී සිට ඇති බව යි වාර්තා වන්නේ. ඒ දැරියගේ දෙමව්පියන් කුලී රැකියාවලට පිටත්ව ගිය විට Read More

දරුවා හතලිස්දාහකට විකුණන්න හැදූ පියා කී කතාව

සිය නිවසෙහි අත්තිවාරම දැමීමට මුදල් සොයාගනු පිණිස තම දරුවා අළෙවි කිරීමට උත්සහ දැරූ පියෙකු පිළිබඳ පුවතක් දිඹුලාගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙම පියා 28 වියැති අයෙකුවන අතර ඇගේ බිරිඳ 24 හැවිරිදි වියේ පසුවන බව යි පැවසෙන්නේ. ඔවුන් දෙදෙනාගේ මාස අටක් වයසැති පිරිමි දරුවා යි මෙලෙස අළෙවි කිරීමට උත්සහ දරා ඇත්තේ. දරුවාගේ පියා ජාතික පුවත් පතක් වෙත දක්වා ඇත්තේ මෙවැනි Read More

t

o

p