Special News

මහරගම දී දුම්රියක් පීලි පනී

මහරගම ප්‍රදේශයේ දී දුම්රියක් පිලි පැන තිබේ. මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා ඇති වී ඇති බව වාර්තා වේ. තව ද මෙම පීලි පැනීම මහරගම – පමුණුව මාර්ගය හරහා සිදුව ඇති බැවින් එම මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැන නැගී ඇත.

වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද ?

එකතු කළ අගය මත බදු (සංශෝධන) හෙවත් වැට් බදු පනත් කෙටුම්පත කැබිනට් අනුමැතිය ලැබිමට පෙර යළිත් ඉදිරිපත් කර ඇතිද නැතිද යන කාරණය පිළිබඳ දැන ගැනිම සඳහා පනත් කෙටුම්පත ගැසට් කිරිම පිළිබඳව නිතිපතිවරයා සහ මුද්‍රණාලයාධිපතිවරයා නිකුත් කළ ලිපි අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (04) මුදල් රාජ්‍ය ඇමතිවරයාට දැනුම් දුන්නේය. වැට් Read More

ෆයිසර්ගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුළු සභාවේම විරෝධය

මන්ත්‍රීවරු ඇමතිවරුන්ගෙන් වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න අසන ආකාරය සම්බන්ධයෙන් පළාත් පාලන හා පළාත් සභා ඇමති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමතිවරයාට මුළු සභාවේම විරෝධය එල්ල විය. උඣීව පළාත් සභා මහ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ප්‍රශ්නය විමසා ඇති ආකාරය අපහාසාත්මක යැයි ඇමතිවරයා ප්‍රකාශ කළ අවස්ථාවේ එක්සත් Read More

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් ආපු හැටි හොයයි

කොළඹඅධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තිබිය යුතු රගර් ක්‍රිඩක වසිම් තාජුඩින්ගේ මෘත දේහයේ කොටස් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) තබා ගැනිම සම්බන්ධයෙන් වෛද්‍ය සභාව පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (04) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කළ පරික්ෂණයේ වාර්තාව ලද පසු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර Read More

ආණ්ඩුවේ විකිනිල්ලට එරෙහිව ජවිපෙන් පුළුල් පෙරමුණක්

“මේක ආණ්ඩුවක් නෙවෙයි. ජනතාව විසින් ආණ්ඩුවක් පත්කර ගන්නේ රටේ සම්පත් භාවිත කරලා නිසි කළමනාකාරිත්වයක් සහිතව මෙම සම්පත් රටේ ජනතාවගේ දියුණුව වෙනුවෙන් උපයෝගී කර ගන්නයි. නමුත් මේ ආණ්ඩුව රටේ වැදගත්ම සම්පත් විකුණමින් බිලිදෙමින් තිබෙනවා. පක්‍ෂයක් ලෙසත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙසත් ආණ්ඩුවේ විකිණීමට බිලිදීමට එරෙහිව පාරේ සටනක් ආරම්භ කරනවා. තෙල් සංස්ථාව, හම්බන්තොට තෙල් ටැංකි,ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, Read More

ආර්ථික පෙරළිය අය වැයට පෙර

ඉදිරි වසර 04 තුළ ශ්‍රී ලංකාවේ සීග්‍ර සංවර්ධන සැලසුම ඇතුළත්  දින 1500 ක ආර්ථික පෙරළිය” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අය වැයට පෙර ප්‍රකාරශයට පත් කිරිමට නියමිතය. නවසීලන්තයේ තෙදින නිල සංචාරය නිමා කිරිමෙන් පසු නවදිල්ලියට පැමිණෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා දිවයිනට පැමිණිමෙන් පසුව දින 1500 ක අර්ථික පෙරළියට ඇතුළත් කළ යුතු වැඩසටහන් ගැන සාකච්ඡා Read More

නීති විරෝධීව මසුන් මැරූ 6ක් දැලේ

නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තලෙයිමන්නාරම, මුහුදු ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත්  ඩිංගි යාත්‍රා 02ක් සහ තහනම් දැල් 10ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ උපකරණ වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම සහකාර Read More

16 වැනි LSR Colombo Marathon හෙටයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වාර්ෂික ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරඟය වන LSR Colombo Marathon තරඟාවලිය 16 වැනි වරටත් හෙට (02) දිනයේදී පැවැත්වේ. මෙවර තරඟය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයෙන් ආරම්භ කර බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල සහ හැමිල්ටන් ඇළ මාර්ගය අසල ඇති මුතුරාජවෙල වගුරු බිමේ සුන්දරත්වය අත්විඳිමින් පමුණුගම, තලාහේන, පිටිපන සහ දූව හරහා මීගමුව වෙරළ ආසන්නයට ළඟාවීමට නියමිතය. ගෝලීය දිගු Read More

ඉරාජ්ගේ සමලිංගික වීඩියෝව සිරිධම්ම හිමි අගය කරයි

ඉරාජ් වීරරත්නගේ “ගිනියම් රෑ” මියුසික් වීඩියෝව පිළිබඳව පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ අදහස් දක්වා තිබෙනවා. ඒ සජීවී ගුවන් විදුලි සාකච්ඡාවක් අතරතුර දී. මෙම කාරණා පිළිබඳ කතා කිරීමට පෙර සීගිරි චිත්‍ර වසා දැමිය යුතු බව යි උන්වහන්සේ අවධාරණය කරන්නේ. එමෙන්ම කලාව කලාවක් පමණක් බවත් කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්යය නොපෙනෙන බවත් උන්වහන්සේ පවසා සිටියා. සාම්ප්‍රදායික Read More

t

o

p