Special News

2017- 20 දක්වා ගෙවිය යුතු මුළු ණය ප්‍රමාණය අැ.ඩො.බි.15000ක්

රජය විසින්  2017 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුළ ගෙවිය යුතු සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන පහලොස් දහසක් ලෙස ඇස්තමේන්තු ගත කර ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙළි කළේය. ඇමරිකානු ඩොලර් කෝටි එක් දහස් පන්සියයක් එක් එක් වර්ෂය තුළදි වෙන් වෙන් වශයෙන් ගෙවිමට සිදුවන බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි ඊයේ (08) හෙළිදරව් කරනු ලැබූවේ පාර්ලිමේන්තු Read More

පාර්ලිමේන්තු පොලිසියේ ජූඩෝ කණ්ඩායම ලාංඡන, අංක ගලවා දිනේෂ් ගෙනියන්න ආවේ ඇයි ?

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු සභි ගැබෙන් ඉවත් කිරිමට කතානායක කරු ජයසූරිය මහතා නියෝග කිරිමෙන් පසුව පොලිස් නිලධාරින් සභාවට පැමිණියේ සිය නිල ඇදුමේ ලාංඡන, නිල අංක සියල්ල ගලවාය. මෙය නවක මන්ත්‍රීවරුන්ටද පුදුමයට කරුණක් විය. ඔවුන් ප්‍රකාශ කරන්නට වූයේ නිලධාරින් ඔවුන්ට පහරදුන්නොත් ඔවුන්ව හදුනා ගැනිමට නොහැකි වන සේ මෙලෙස නිල ලාංජන නිල Read More

එක් පවුලක සුඛවිහරණයට තිබූ රාජ්‍ය ආයතන අද ජනතා සේවයට වෙන් වෙලා

එක් පවුලක සුඛවිහරණය සඳහා වෙන් වී තිබූ රාජ්‍ය ආයතන, අද ජනතාවට සේවය සපයන ස්ථාන බවට පත් වෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමත්‍යවරයා පෙන්වා දෙන්නේ දූෂණය අවම කිරීම සහ නවීකරණය තුළින් ලැබෙන ප්‍රතිලාභ ඍජුවම ජනතාව වෙත ලබා දීම යහපාලන රජයේ අපේක්ෂාව බවයි. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, මුදල් අමාත්‍යාංශය සංවිධානය කළ වැඩසටහනකට Read More

මන්ත්‍රී දිනේෂ්ට සතියක් පාර්ලිමේන්තුව තහනම්

වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස කළ විමල් විරවංශ මහතාගේ ප්‍රතික්ෂේප කිරිමත් සමඟ සභාවේ කටයුතුවලට දිගින් දිගටම බාධා කරමින් හැසිරුණු දිනේෂ් ගුණවර්ධන මහතා සභාවෙන් ඉවත් කිරිමට කතානායක කරු ජයසුරිය මහතාගේ නියෝගය මත පොලිසිය පැමිණියද එයද නොහැකිවිම නිසා මන්ත්‍රීවරුන් ගේ වැඩි ඡන්දයෙන් ඔහුගේ පාර්ලිමේන්තු පැමිණිම අද (08) සතියකට තහනම් කෙරුනි. මෙම කළබගෑනිය නිසා පැය පහකට ආසන්න කාලයක් Read More

විමල්ගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පිළි ගන්නෑ – කතානායක

පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස විමල් විරවංශ මහතාගේ පක්ෂය පිළි නොගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (08) නිවේදනය කළේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනා වෙනම පක්ෂයක් ලෙස සලකන ලෙස විමල් විරවංශ මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය. කතානායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ. පාර්ලිමේන්තු Read More

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට නවසීලන්ත රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට අපේක්ෂා කරන බව නවසීලන්ත රජය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ යහපත් ආර්ථික හා සමාජීය පසුබිම සැලකිල්ලට ගෙන මෙසේ ආයෝජන පුළුල් කිරීමට ක්‍රියාකරන බව, දිවයිනට පැමිණ සිටින නවසීලන්ත ප්‍රවාහන අමාත්‍ය ඩේවිඩ් බෙනට් මහතා (David Benette) ඊයේ (07)  පෙරවරුවේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේ දී ප්‍රකාශ කළේ ය. හමුව මුදල් අමාත්‍යාංශයේ Read More

විමල්ගේ කේක් කැපීම ගැන මන්ත්‍රීවරු රීති ප්‍රශ්න නගති

බන්ධනාගාරගතව සිටින විමල් විරවංශ මන්ත්‍රීවරයා මාංචු කුට්ටමක් සහිත කේක් ගෙඩියක් කපමින් පාර්ලිමේන්තුව තුළ දී සිය උපන්දිනය සැමරිම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නගන රීති ප්‍රශ්නය කතානායකවරයාගේ අවධානයට යොමු කරවන බව මුලාසනය ඊයේ (07) සභාවට දැනුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා නැගඣ රීති ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුලසුනේ සිටි මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මේ බව දැනුම් දුන්නේය. Read More

තුන්කල් දකිමින් අභියෝග ජයගෙන පෙරට යාමට කාන්තාවට ශක්තිය ධෛර්ය ලැබේවා

තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජයගෙන ඉදිරියට යාමට ශ්‍රී ලාංකේය කාන්තාවට ශක්තිය ධෛර්යය ලැබේවා’යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. අද (08)ට යෙදි ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ. දකුණු ආසියාකරයේ රටවල් සමග සසඳා බලන විට Read More

ඇමැතිවරු එකොළහකට වාහන ගන්න කෝටි 49ක් ඉල්ලයි

ආණ්ඩුවේ ඇමැතිවරුන් හත් දෙනකු, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකු, නියෝජ්‍ය ඇමැතිවරයකුට හා වාහන මිලදී ගැනීම සඳහා රුපියල් හතළිස් නව කෝටි හතළිස් නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (4,94,962,790) ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් රජය පාර්ලිමේන්තුවට ඊයේ (07) ඉදිරිපත් කළේය. ආණ්ඩු පක්ෂ සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කරනා ලදී. Read More

ඉන්දියානු සාගර වටද්දර සංගමයට විදේශ ඇමති මංගල සහභාගි වෙයි

ඉන්දුනීසියාවේ ජකාර්තාහි අද (06)  දින පැවැති ඉන්දියානු සාගර වටද්දර සංගමයේ 20 වන සංවත්සරයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා සහභාගී විය. “සාමකාමී ,ස්ථාවර හා සෞභාග්‍යමත් ඉන්දියානු සාගර කලාපයක් සඳහා වූ සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම” යන තේමාව යටතේ මෙම රැස්වීම පවත්වනු ලදී. ඉන්දියානු වටද්දර සංගමයේ අනාගත වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවේදී කථා කරමින්, කැපවීම් සහ Read More

t

o

p