තුන්කල් දකිමින් අභියෝග ජයගෙන පෙරට යාමට කාන්තාවට ශක්තිය ධෛර්ය ලැබේවා

March 8, 2017

තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජයගෙන ඉදිරියට යාමට ශ්‍රී ලාංකේය කාන්තාවට ශක්තිය ධෛර්යය ලැබේවා’යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අද (08)ට යෙදි ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවුඩයේ මෙසේද සඳහන් වේ.
දකුණු ආසියාකරයේ රටවල් සමග සසඳා බලන විට ලංකාවේ කාන්තාවන්ට වැඩි නිදහසක් ලැබි තිබුණද  ලාංකේය කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහස්ථ කටයුතුවලට සීමා වී සිටිම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙහි කාන්තා ප්‍රතිශතය වර්ධනය කිරීමට අප තවදුරටත් කටයුතු කළ යුතුව තිබේ.
ගෘහණියක, මවක, බිරිඳක ලෙස පවුල තුළ සිය කාර්යභාරය ඉටුකරන අතරම කාන්තාව සතු ශාරීරික, මානසික, ආධ්‍යාත්මික ශක්තිය තුළින් විශාල සමාජ මෙහෙවරක් කිරීමේ හැකියාව ඈ සතුය. ඒ සඳහා අවශ්‍ය නිදහස, පිළිගැනීම, ධෛර්යය සහ අවස්ථාවන් ලබා දීම අප සතු වගකීමකි. සෑම ක්‍ෂේත්‍රයකම කාන්තා දායකත්වයේ වර්ධනයක් දැකිය හැකි වුවද ඇයට සමාන හිමිකම් ලැබෙන්නේද, ගරුත්වය සහ ඇගයීම ලැබෙන්නේද යන්න වගකීමෙන් සිතා බැලීම අවශ්‍යය.
නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝදධ කර ගනිමින් ඒ හා සමතැන ්ගත හැකි දිරිය කාන්තාවන් අප රට තුළින් ගොඩනැංවීමට රජය සහ සමස්ත සමාජය  එක්ව ක්‍රියා කළයුතුය. ‘තුන්කල් දකින්නී’, සවියෙන් දිනන්නී’ යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඒ සඳහා පුළුල් දැක්මක් සපයනු ඇතැයි අපේක්ෂා කරමි.
තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජය ගනිමින් පෙරටම යන්නට අප රටේ සමස්ත කාන්තාවන්ට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

t

o

p