විමල්ගේ පක්ෂය පාර්ලිමේන්තුවේ පිළි ගන්නෑ – කතානායක

March 8, 2017

පාර්ලිමේන්තුවේ වෙනම පක්ෂයක් හෝ කණ්ඩායමක් ලෙස විමල් විරවංශ මහතාගේ පක්ෂය පිළි නොගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි අද (08) නිවේදනය කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කළ සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනා වෙනම පක්ෂයක් ලෙස සලකන ලෙස විමල් විරවංශ මහතා කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව පැවසීය. කතානායකවරයාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් 2017 පෙබරවාරි මස 22 දින පාර්ලිමේන්තුවේ සභා ගර්භයේදි එතුමා ඇතුළු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව විරුද්ධ පාර්ශවයේ ස්වාධින කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙස සතු කරන ද ප්‍රශ්නය සම්බන්ධයෙන් මාගේ තීරණය මෙම ගරු සභාවට ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
විමල් විරවංශ මහතා ඇතුළු 5 දෙනෙකු විසින් පාර්ලිමේන්තුව තුළ ජාතික නිදහස් පෙරමුණ වශයෙන් විපක්ෂයේ වෙනම ස්වාධින මන්ත්‍රී කණ්ඩායමක් වශයෙන් පිළිගන්නා ලෙසත්, කණ්ඩායම් නායක ලෙස විමල් විරවංශ මහතා පක්ෂ නායක රැස්විමට සහභාගී වීමටත්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23(2) යටතේ විශේෂ ප්‍රකාශයක් කිරීමට එතුමාට තිබෙන අයිතිය පිළිගන්නා ලෙසත්, 2016 මාර්තු මස 09 වැනි දින දරන ලිපියෙන් ඉල්ලා සිටින ලදි.
මේ හා සමාන ප්‍රකාශයක් 2016 අපේ‍ර්ල් මස 05 වැනි දින විමල් විරවංශ මහතා විසින් එම ප්‍රශ්නය සම්බන්ධයෙන්ම මෙම ගරු සභාවේදී මතු කරන ලදි
ඒ අනුව මවිසින් තීරණය කළ යුතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකඣලව නිත්‍යානුකඣල පදනමක් යටතේ පාර්ලිමේන්තුව තුළ 2015 අගෝස්තු මස 17 වැනි දින මහා මැතිවරණයට තරඟ කොට මැතිවරණ කොමසාරිස්වරයා විසින් 2015 අගොස්තු මස 19 වැනි දින අංක 1928/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ කරන ලද දේශපාලන පක්ෂ 6, එනම් එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ හයට අමතරව වෙනත් දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් පාර්ලිමේන්තුව තුළ නිත්‍යානුකූලව පිළිගත හැකිද යන්නයි.
මෙම පාර්ලිමේන්තුව තුළත් ඊට ප්‍රථම පැවති පාර්ලිමේන්තුවලත් විවිධ අවස්ථාවන්හිදි මන්ත්‍රීවරුන් තමා තරඟ කළ පක්ෂයෙන් වෙන් වී ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස විපක්ෂයේ වාඩි වී කටයුතු කරන ලද අවස්ථා බොහෝමයක් අප ඉතිහාසයේ සනිටුහන් වී ඇත. එම අවස්ථාවන් හිදි අදාළ මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයෙකු වශයෙන් ලැබිය යුතු අයිතීන් ආරක්ෂා කර දීමට විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය, කථානායකවරයා මැදිහත් වී ලබා දුන් අවස්ථා බොහෝමයක් ද ඇත. විපක්ෂයේ සිටින එවැනි මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා පරිපාලනමය වශයෙන්ද විවිධ ක්‍රියාදාමයන් පසුගිය කල අනුගමනය කිරිමට යෙදුණි.
මමත් මාගේ පූර්වගාමී කථානායකරුනුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනුත් විවිධ අවස්ථාවන්හීදි මේ හා සමාන කරුණු පදනම් කරගෙන විවිධ තීන්දු තීරණවලට එළැඹඇති බව තවදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි.
2015 අගෝස්තු 17 වැනි දින පවත්වන ලද මහා මැතිවරණයේදී කොළඹමැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් විමල් විරවංශ මහතා තරඟ කර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගන්නා ලද බව 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමසාරිස්වරයා විසි 2015 අගෝස්තු මස 19 වන දින අංක 1928/3 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විමල් විරවංශ මන්ත්‍රීවරයා පසුගිය මැතිවරණයේ එක්ත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කොට එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට තේරි පත් වී සිටින බවත් එම මැතිවරණයේදි මැතිවරණයේදි මැතිවරණයට ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන හයකින් මන්ත්‍රීවරුන් තේරි පත්ව සිටින බවත් අදාළ 2015 අගොස්තු මස 19 වැනි දින අංක 1928/2 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙන් මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කොට ඇත.
2015 සැප්තැම්බර් මස 01 වැනි දින ආරම්භ වූ වත්මන් 8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම පක්ෂ නායකයන් විසින්ද වත්මන් 8 වැනි පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්ෂ හයක් පමණක් නියෝජනය කරන බව ඒකමතිකව පිළිගෙන තිබෙන බවට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ කාර්ය සටහන්වලද වාර්තා වී තිබෙන බව සඳහන් කරනු කැමැත්තෙමි.
තවද මැතිවරණ කොමසාරිස්වරයාගේ ප්‍රකාශ කිරිම අනුව 8 වැනි පාර්ලිමේන්තුව තුළ පිළිගත් දේශපාලන පක්ෂ 6 ඇතුළත සමන්විත වන වෙනත් දේශපාලන කණ්ඩායම් හෝ පක්ෂ කවරේද යන්න හෝ ඔවුන් අතර ඇති කොට ගෙන තිබෙන ගිවිසුම් මොනවාද යන්නත් ඒවායේ අඩංගු කරුණු හෝ කොන්දේසි මොනවාද යන්නත් කථානායකවරයා ලෙස මාගේ අවධානයට භාජනය නොවන අතරම එවැනි අභ්‍යන්තර සන්ධාන තත්ත්වයන් දැන ගැනීම හෝ ඒ පිළිබඳව දැනුවත්විම හෝ කථානායකවරයා ලෙස මාගේ ධූරයට විෂයගෝචර නොවන බවත් මෙහිලා සඳහන් කිරිමට කැමැත්තෙමි.
පාර්ලිමේන්තුව තුළ කටයුතු සඳහා පිළිගත යුතු පක්ෂ මොනවාද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝගවලට ඇනුකූලව නිත්‍යානුකඣල පදනමකින් තීරණය කළ යුතු බව මාගේ අදහසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්වේ 99 ව්‍යවස්ථාවේ (13) අනු ව්‍යවස්ථාවේ (අ) ජේදය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ඔහු මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන ලද දේශපාලන පක්ෂය හෝ කණ්ඩායම අතර සහසම්බන්ධතාව පහත ලෙස දක්වා ඇත.
ෙකිසියම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු තේර්පත් වූ අවස්ථාවේදි ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධින කණ්ඩායමක නාම යෝජනා පත්‍රයේද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයෙක්ව සිටිම, ඉල්ලා අස්විමෙන් හෝ පහ කිරිමෙන් හෝ නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසිමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන බව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 වන ව්‍යවස්ථාවේ (13) අනු ව්‍යවස්ථාවේ (අ) ජේදයේ ප්‍රකාරව සඳහන් බව ප්‍රකාශ කරමි.
තවද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සංයුක්ත කිරිමේදී 41 අ (1) ව්‍යවස්ථාවේ (ඊ) අනුජේදය යටතේ අග්‍රාමාත්‍යවරයා හ විපක්ෂ නායකවරයා නියෝජනය වන පක්ෂ දෙක හැර අනෙකුත් පක්ෂවල සහභාගීත්වයෙන් එක් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාව ඉදිරිපත් වන බැවින් පාර්ලිමේන්තුව නියෝජනය වන අනෙකුත් පක්ෂ මොනවාද යන්න නිත්‍යානුකඣළ පදනමකින් සලකා බැලීම නොකළ හොත් එම ක්‍රියාවලියේදි අර්බුද රාශියකට මුහුණදීමට සිදුවේ.
ප්‍රයෝගිකව සලකා බැලීමේදීද යම් පිළිගත් දේශපාලන පක්ෂයකින් හෝ කණ්ඩායමකින් නාම යෝජනා භාරදී මැතිවරණය තරඟ කොට පසුව ස්වාධිනව කටයුතු කිරිමට තිරණය කරන මන්ත්‍රීවරයෙකු හෝ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මැතිවරණයේදි නාම යෝජනා භාරදී තරඟ කොට පාර්ලිමේන්තුවට තේරි පත් වු පිළිගත් පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් සතුව අයිතිවසිකම් හෝ වරප්‍රසාද ලබා දෙන ලෙස ඉල්ලිමක් කරන්නේ නම් එයට ඉඩදිමෙන් පාර්ලිමේන්තුව තුළ තනි මන්ත්‍රීවරුන් සහිත පක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම් සිටින පක්ෂ වශයෙන් විවිධ අවස්ථාවන්වලදී අලූත් පක්ෂ හෝ කණ්ඩායම් නිර්මාණය වී සමස්ත පාර්ලිමේන්තු ක්‍රියාදාමය කඩා වැටිමකට පාර්ලිමේන්තු වරප්‍රසාද අයුතු ලෙස භාවිතා කිරිමටත් අවස්ථාවක් නිර්මාණය වේ.
මේ හා සමාන අවස්ථාවන් මීට පෙර මතු වූ අවස්ථාවන්හිදි මාගේ පූර්වගාමි කථානායකවරුන් විසින් මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත් පාර්ලිමේන්තු කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට අදාළ ප්‍රායෝගික තීන්දු තිරණ ගනු ලැබු අවස්ථාවන් බොහෝමයක් පසුගිය කාල වකවානුවේදි දැක ගැනීමට හැකි විය.
වර්තමානයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළ අවස්ථාවේදි විපක්ෂයේ අසුන් ලබා දී ඔවුන්ට විවාදවලට සහභාගී විම සඳහා අවහ්‍ය කාලවේලා ලබා දීමට මා පෞද්ගලිකවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මගිනුත් කටයුතු කොට ඇත.
තවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ඇති ව ස්ථාවර නියෝග 23 (2) යටතේ හදිසි සහ පොදු වැදගත්කමක් සහිත කරුණක් පිළිබඳව ප්‍රශ්න අවසානයේදි ප්‍රකාශයක් කිරිම සඳහා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාටද අවකාශ සලසා දී ඇත.
මේ හා සමාන ක්‍රියාදාමයක් මාගේ පූර්වගාමි කථානායකවරයා විසින් ද අනුගමනය කොට තිබිණි. එසේ ප්‍රායෝගිකව පාර්ලිමේන්තුව තුළ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකගත්වයෙන් යම් යම් අයිතිවාසිකම් ලබා දුන්නද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සහ ස්ථාවර නියෝගවලට අනුව පූර්ණ වශයෙන් නීතියෙන් පිළිගැනෙන නව පක්ෂයක් හෝ කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ ස්ථාපනය කිරිමට කථානායක වශයෙන් මටත් පාර්ලිමේන්තුවටත් කළ නොහැකි දෙයකි.
ඒ අනුව නෛතික වශයෙන් පාර්ලිමේන්තුවට පිළිගත හැක්කේ නාම යෝජනා භාරදී පාර්ලිමේන්තුවට තේරිපත් වූ අදාළ ගැසට් නිවේදනයේ සඳහන් පක්ෂයක් හෝ කණ්ඩායමක් පමණක් බවත් අවස්ථානුගතව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  තම තමන්ගේ අදහස් අනුව ක්‍රියා කිරිමේදි තමන්ගේ කැමැත්ත අනුව නියෝජනය කිරිමට බලාපොරොත්තු වන කණ්ඩායමක් හෝ පක්ෂයක් නොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි.
ඒ කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙකු වශයෙන් එක් එක් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව තුළ හිමිවන අයිතිවාසිකම් ආරක්ෂා කර දීමටත් එම අයිතිවාසිකම් කඩවන අවස්ථාවලදී ඊට මැදිහත්ව ක්‍රියා කිරිමටත් මා කිසි ලෙසක පසුබට නොවන බවද තවදුරටත් දනුවනු කැමැත්තෙමි.

t

o

p