Special News

ජනපති විශේෂ ගැසට් පත්‍රයකින් නිකුත් කළ ආඥාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉවතලන කැලි කසල ඉවත් කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අද (28) අනුමත කළේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගැසට් නිවේදනය සභාවට කියවා ප්‍රසිද්ධ කිරිමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා ගැසට් නිවේදනයට සභාවේ අනුමැතිය විමසිය. ඒ අනුව ඡන්ද විමසිමකින් තොරව ගැසට පත්‍රයට සභාවේ අනුමැතිය හිමිවින. Read More

යහපාලන වසර දෙකේ ඉන්දු ලංකා සබඳතා ගැඹුරින්ම ශක්තිමත් වුණා

පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ද, ඒ තත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං (Hon. Rajnath Singh) මහතා පැවසීය. ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් Read More

ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම්වලින් දෙරටට ප්‍රතිලාභ සමබරව ලැබෙනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම දෙරටේ මිත්‍රත්වය, සුහදත්වය හා සහෝදරත්වය පාදක කර ගනිමින්, දෙරටේ ම ජනතාව වෙත අන්‍යෝන්‍ය වශයෙන් සමබර ප්‍රතිලාභ ලැබීම අරමුණු කර ගත් මූලික ලියැවිල්ලක් බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය පැවසුවාය. මේ ලියැවිල්ල පදනම් කර ගනිමින්, විවිධ ක්ෂේත්‍ර‍ සංවර්ධනය කිරීම පිළිබඳව එකඟත්වයනට එළැඹිය හැකි Read More

ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවෙන් පූර්ණ සහය – ඉන්දීය ප්‍රවාහන අමාත්‍ය

යාපනය – මන්නාරම – ත්‍රිකුණාමලය මහා මාර්ගය සහ දඹුල්ල – ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් සඳහා ඉන්දීය මාර්ග ප්‍රවාහන, මහාමාර්ග සහ නාවුක අමාත්‍යංශයේ පූර්ණ සහය ලබා දෙන බව අමාත්‍ය නිතින් ගද්කාරි (Hon. Nitin Gadkari) මහතා පැවසීය. 26 වන දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ලාංකේය නියෝජිත පිරිස හමුවෙමින් ගද්කාරි Read More

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අනුර විජේපාල මහතා සියධුරයෙන් ඉල්ලා අස්විම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා වෙත ඊයේ (26) පස්වරුවේ භාරදෙන ලදි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්විමට තීරණය කිරිමට හේතුපාදක වූ කරුණු ලෙස දක්වා ඇත්තේ මේ දිනවල ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තිය සමිති අතර පවතින ගැටලු හමුවේ මෙම Read More

බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඉන්දියාවේ උපරිම සහාය

ඉන්දීය සාගරයේ  ආර්ථික, වෙළඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්‍ෂාවන් සදහා පූර්ණ සහය ලබා දෙමින්, බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩ පිළිවෙල වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ඉන්දීය – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි. Read More

මෙවර පැවැත්වෙන ලොකුම මැයි දින රැළිය පැවැත්වෙන්නේ කැම්බල් පිටියේ

රජයේ සංවර්ධන ක්‍රියාවලිය කඩකප්පල් කරන ඒකාබද්ධ කල්ලියටත් ආණ්ඩුවේ සිටම එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන ඇතැම් ඇමතිවරුන්ටත් පක්ෂයේ තරම කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි රැළියෙන් පෙන්වන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය. වසර දෙකකට අධික කාලයක් ආණ්ඩු කරවු එක්සත් ජාතික පක්ෂයේ තරම මුළු රටටම පෙන්වන ප්‍රධානතම ජනතා ඒකරාශිත්වය සිය Read More

ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දෙනවා – සෝනියා ගාන්ධි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික සබඳතා තව තවත් ශක්තිමත් කරලීමටත්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා සහය ලබා දීමටත්, කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරලීම උදෙසා කැපවීමටත් තම පක්‍ෂය නිරතුරුවම ක්‍රියා කරන බව ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය පැවසුවාය. 16 වන දා පෙරවරුවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින්, ගාන්ධි මහත්මිය අවධාරණය කළේ කලාපීය Read More

2016 මහ බැංකු වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යවරයා වෙත භාර දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රිජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත අද (26) මුදල් අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය. මුදල් නීති පනත යටතේ ශ්‍රී ලංකාවේ වාර්ෂික ආදායම්, වියදම් තත්ත්වය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ඊළග වසරේ අප්‍රේල් මස 30 වැනි දිනට පෙර මුදල් අමාත්‍යවරයා වෙත දැනුම් Read More

එජාප මැයි රැළියට කිසිදු රාජ්‍ය සම්පත් හෝ දේපලක් යොදා ගන්න එපා – අගමැති රනිල්

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය සඳහා කිසිදු රාජ්‍ය දේපලක්, රජයට අයත් සම්පත් හෝ රාජ්‍ය නිලධාරින් කිසිවෙක් යොදා නොගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වලට අනුව මැයි දිනයට අදාළව ආසන මට්ටමෙන් කෙරෙන ප්‍රචාරක කටයුතු කිසිවක් සඳහා රාජ්‍ය දේපළ, රාජ්‍ය සම්පත් යොදා ගැනිම සපුරා තහනම් වේ. එක්සත් Read More

t

o

p