මෙවර පැවැත්වෙන ලොකුම මැයි දින රැළිය පැවැත්වෙන්නේ කැම්බල් පිටියේ

April 27, 2017

රජයේ සංවර්ධන ක්‍රියාවලිය කඩකප්පල් කරන ඒකාබද්ධ කල්ලියටත් ආණ්ඩුවේ සිටම එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන ඇතැම් ඇමතිවරුන්ටත් පක්ෂයේ තරම කොළඹ කැම්බල් පිටියේ පැවැත්වෙන මැයි රැළියෙන් පෙන්වන බව සභානායක, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
වසර දෙකකට අධික කාලයක් ආණ්ඩු කරවු එක්සත් ජාතික පක්ෂයේ තරම මුළු රටටම පෙන්වන ප්‍රධානතම ජනතා ඒකරාශිත්වය සිය මැයි දින රැළියේදි දැකගත හැකිවනු ඇති බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික මැයි දින රැළිය ගැන මාධ්‍ය හමුවේ විශේෂ කරුණු දැක්විමක් කරමිනි.
“දිනන ජනතාවගේ මැයි දිනය” නමින් එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය කොළඹ කැම්බල් පිටියේදි එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
කොළඹ පැවැත්වෙන වැඩිම ජන සහභාගීත්වයකින් යුතු ප්‍රධානතම මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදි පැවැත්වෙන බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් බොරැල්ලම පිරියනු ඇති බවත් සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p