Special News

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළට

ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවිමට රජය තීරණය කර ඇත. අදාල පාසල් හඳුනා ගැනීම සදහා තාක්ෂණික කමිටුවක් ස්ථාපිත කර ඇති බව අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. යානාව අතුරුදන්වන අවස්ථාවේදී එහි මගීන් 38දෙනෙක් සිට ඇති අතර ඔවුන්ගෙන් බහුතරය ආරක්ෂක අංශ සාමාජිකයන් බව සඳහන් වෙයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන් හා යානාව සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරඹේ

මෙවර සිරිපා වන්දනාවාරය උඳුවප් ‍පුන් පොහෝ දිනය යෙදෙන අදින් (11) ආරම්භ වෙයි. උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය වෙසක් පුන් පොහොෝදිනයෙන් නිමාවට පත්වීමට නියමිතය. මත්ද්‍රව්‍ය රැගෙන සිරිපා වන්දනාවේ පැමිණෙන පිරිස් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් සමඟ පොලිස් නිල සුනඛයින් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ. පරිසරය ආරක්ෂා කිරීමට මූලිකත්වය දෙමින් සිරිපා කරුණා කරන Read More

උඳුවප් පුර පසළොස්වක පොහෝය අදයි

මෙරට භික්ෂුණි ශාසනයේ ආරම්භය ඇතුළු සිදුවීම් රැසක් අද වැනි දිනෙක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීම සිදුවූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනකයි. අදට යෙදී ඇති උදුවප් පුන් පොහෝ දිනෙන් ආරම්භ වන 2019 -2020  ශ්‍රී පාද වන්දනා සමය මාස 6 ක කාලයක්  පුරා පැවැත්වෙන අතර ලබන වසරේ Read More

කළු තුෂාර පෝරකයට

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25.77ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හේරත් මුදියන්සේලාගේ තුෂාර හෙවත් කළු තුෂාර නමැත්තාට කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ බව සදහන් වෙයි. කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. චෝදනාවලට වෙන් වෙන් වශයෙන් මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී. 2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් Read More

ඉතිහාසගත ටෙස්ට් තරගාවලිය(11) හෙට

පාකිස්තාන රජය පොරොන්දු වූ පරිදිම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට වෙඩි නොවදින රථ පෙළකින් සමන්විතව ඉහළ මට්ටමේ පෙළේ ප්‍රභූ ආරක්ෂාවක් ලබාදී ඇති අතර පළමු ටෙස්ට් තරගය හෙට ආරම්භ වන රාවල්පින්ඩි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට පමණක් පන්ජාබ් පළාතේ පොලිස් නිලධාරීන් සහ පාකිස්තාන යුද හමුදා සෙබලුන් ඇතුළු ආරක්ෂක සේනාවට 4,000 කට වැඩි පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇත. ශ්‍රී Read More

අර්ධ සුඛෝපභෝගී (Semi Luxury) බස් රථ ඉවත් කිරීම කෙරෙහි අවධානය

වැඩි මුදලක් ගෙවමින් මගී ජනතාව අපේක්ෂා කරන ගුණාත්මක සේවාවක් ඒ තුළින් ඉටු නොවීම පිළිබඳ අවධානය යොමු කර මෙම පියවර ගන්නා බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මෙම කරුණු සම්බන්ධයෙන් අධ්‍යනය කර අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සඳහා කඩිනමින් විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිත බවයි. අර්ධ සුඛෝපභෝගී බස් රථ ගාස්තු සාමාන්‍ය ගාස්තු දක්වා අඩු කිරීමට ඉදිරියේදී කටයුතු Read More

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක් ජල කප්පාදුවක්

අද උදෑසන 8 සිට රාත්‍රි 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත යන ප්‍රදේශවලට එම කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය සඳහන් කරයි.

කිරිපිටි මිල අඩු කෙරේ

කිරිපිටි සඳහා පනවා ඇති මිල සූත‍්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල අද (09) සිට අඩුවන බව  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව කිලෝ ග‍්‍රෑම් 01 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 40 කින් අඩුවන අතර  ග‍්‍රෑම් 400 ක බරකින් යුත් කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15 කින් අඩු වේ. බදු සංශෝධනයත් සමග ජනතාවට මෙම සහනය Read More

t

o

p