Special News

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිවරයාගේ නියෝගය පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති අදාල ගැසට් නිවේදයේ දැක්වෙන්නේ, ඊයේ (17) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි ඒම නියෝගය ක්‍රියාත්මක වන බවයි. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමි Read More

ඖෂධ මිල පහලට

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය රෝගී ජනතාව වෙත ලබාදීමේ අරමුණින් ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඖෂධ මිල 10% – 15% ප්‍රමාණයකින් අඩු කිරීමට නියමිතය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ මිල පාලන ඒකකයේ නිලධාරීන් රැස්වී ඩොලරය අවප්‍රමාණය වීමේ දත්ත විශේලේෂණය කර අමාත්‍යවරයා Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ දී නඩු පවරයි

ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා හිමිකම්කරු ලෙස නම් කරමින් එක්ස්ප්‍රස් පර්ල් සිදුවීම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සිංගප්පූරු මහාධිකරණය හමුවේ හිමිකම් පෑමේ ඉල්ලීමක් ගොනු කළ බව අතිරේක සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතා පැවසීය. මෙම හිමිකම් පෑමේ ඉල්ලීම 2023 අප්‍රේල් 25 වන දින ගොනු කර ඇත. මේ පිළිබඳ නඩු සම්මන්ත්‍රණ විභාගය මැයි 15 වනදා සිංගප්පූරු Read More

23 මැදියම් රැයේ සිට සා.පෙළ උපකාරක පන්ති තහනම්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමානය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති මේ මස 23 වැනිදා මාධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. උපකාරක පන්ති සංවිධානය කිරීම, පන්ති මෙහෙය වීම සහ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම ඒ අනුව තහනම් වෙයි. මීට අමතරව අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය,එම ප්‍රශ්න පත්‍ර බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල Read More

ලංවිම ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (16) පවත්වා තිබේ. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ ලෝක බැංකු නියෝජිතයින් අතර මෙම සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වෙයි. මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය සහ බංග්ලාදේශය වෙනුවෙන් කටයුතු කරන විධායක අධ්‍යක්ෂවරයා එක්ව සිටි බව අමාත්‍ය කංචන විජේසකර නිකුත් කළ ට්විටර් සටහනේ සඳහන් වෙයි. Read More

ඩෙංගු රෝගීන්ගෙන් අයි.ඩී.එච්. පිරේ

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය මේ වන විට ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තාවේ. එහි ඩෙංගු රෝගීන් සඳහා මීට පෙර එක් වාට්ටුවක් වෙන් කර තිබුණද රෝගීන්ගේ වැඩිවීම නිසා ඔවුන් වෙනුවෙන් තවත් වාට්ටු තුනක් වෙන් කර දීමට රෝහල් බලධාරීන්ට සිදුව තිබේ. මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඩෙංගු රෝගීන් හැට හය දෙනෙකු නේවාසිකව Read More

සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

කොවිඩ් වෛරස තත්ත්වය හිස ඔසවමින් ඇති මොහොතක තම තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැඳීම සිදුකළ යුතු බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි. කොවිඩ් වෛරස රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ මේ වනවිට බිම්මට්ටමේ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් දැඩි සෞඛ්‍ය ගැටලුවකට මුහුණපෑමට සිදුවන බවද සභාපති උපුල් රෝහණ සදහන් කරයි. උපුල් රෝහණ තවදුරටත් සදහන් කළේ, “කොවිඩ් Read More

රුසියානු තාක්ෂණයෙන් ලංකාවට න්‍යශ්ටික බලාගාරයක්

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේ රැස්වූ අවස්ථාවේදී මෙම කරුණ අනාවරණය විය. රුසියානු තාක්ෂණික සහය ඇතිව ශ්‍රී ලංකාවේ පළමු න්‍යශ්ටික බලාගාරය 2032 වනවිට ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සදහන් කරයි. ශ්‍රී ලංකාවේ නව රුසියානු තානාපති Levan Dzhagaryan ද පසුගිය මාසයේ ප්‍රකාශ Read More

ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

බද්දේගම, නියාගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිංගඟ නිම්නයේ හෙට (17) දින පවස්වරු 2 දක්වා වු කාලය තෙක් පහත්බිම්වලට සැලකිය යුතු මට්ටමේ ගංවතුරක් ඇති විය හැකි‍ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහිදී ගිං ගඟ ද්‍රෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර ඇති බව සඳහන්. මෙම තත්ත්වය Read More

කර්මාන්ත ප්‍රදර්ශන සතියක් ප්‍රකාශයට පත් කෙරේ

දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය, දිරිගැන්වීම සහ නගාසිටුවීම අරමුණූ කර ගනිමින් වාර්ෂිකව කර්මාන්ත ප්‍රදර්ශන සතියක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. එහි ආරම්භක පියවර මෙම වසරේ ජූනි මස 22 වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ. විදේශීය ආයෝජකයින් සහ Read More

t

o

p