Special News

ගත වූ මාස 6ක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858ක්

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ මෙම වසරේ ගත වූ මාස 6ක් ඇතුළත සමාජ මාධ්‍ය හරහා පැමිණිලි 9858ක් ලැබී ඇති බවයි. මෙසේ පැමිණිලි කර ඇති පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරුවරයෙක් සඳහන් කර සිටියේය. ෆේස් බුක් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී හැක් කිරීම, ව්‍යාජ ෆේස් බුක් ගිණුම් භාවිතය, ඔන්ලයින් හරහා රැකියා ලබාදෙන Read More

ඉරිදා දිනයේ උපකාරක පංති පැවැත්වීම තහනම්

සියලුම උපකාරක පංති ඉරිදා දිනවල පෙරවරුවේ හා පොහෝ දිනවල පැවැත්වීම සබරගමුව පළාත තුළ තහනම් කරන ලෙසත් එම පැනවු නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසද පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් ලබාදී ඇත. තවද ගුරුවරුන් තමා උගන්වන පන්තියේ සිසුන්ට මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කිරීමටද ආණ්ඩුකාර නවීන් දිසානායක උපදෙස් දුන් බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස්. Read More

අනුරාධපුර – ඕමන්තේ අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ

අනුරාධපුර සහ ඕමන්තේ අතර දුම්රිය ධාවනය ලබන සෙනසුරාදා යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට කන්කසන්තුරේ දක්වා සාමාන්‍ය කාල සටහන් අනුව යළිත් දුම්රිය ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මාර්ග අලුත්වැඩියාව සඳහා අනුරාධපුර ඕමන්තේ අතර දුම්රිය මාර්ගය වසා දැමුණේ පසුගිය ජනවාරි මාසයේදියි. මේ යටතේ කිලෝ මීටර් 62 කින් යුත් දුරක් ඉන්දියානු ණය Read More

දරුවන් අතර සරම්ප රෝගී තත්වයක්

මේ දිනවල දරුවන් අතර සරම්ප රෝගී තත්ත්වය වැඩි වශයෙන් වාර්තා වන බව වෛද්‍යවරු පවසති. අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසා සිටියේ, ඊයේ දිනය වනවිට දරුවන් 12කට එම රෝගී තත්ත්වය වාර්තා වු බවය. මෙම රෝගයේ ලක්ෂණ ලෙස උණ හා රතුලප ඇති වීම විශේෂයෙන් හඳුනාගත හැකි බව ද පැවසු වෛද්‍යවරයා, මෙම Read More

ජූනි මස හොඳම ක්‍රීඩකයා සම්මානය වනිදුට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග 2023 ජූනි මාසයේ ICC හොඳම ක්‍රීඩකයා සම්මානය හිමිකර ගැනීමට සමත්ව තිබේ. ඔස්ට්‍රේලියානු පිතිකරු ට්‍රැවිස් හෙඩ් සහ සිම්බාබ්වේ ආරම්භක පිතිකරු ෂෝන් විලියම්ස් ද මේ සඳහා නිර්දේශ වී තිබු අතර හසරංග අයිසීසී පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන් මෙම සම්මානය දිනා Read More

භික්ෂු විනය හදන කෙටුම්පත ඉදිරි මාස 2 ඇතුළත

භික්ෂූන් වහන්සේලාගේ විනය හා ශාසන විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළ භික්ෂු කථිකාවක් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි. එහි අවසන් කෙටුම්පත මේ වන විට මහ නාහිමිවරුන්ගේ නිරීක්ෂණය සඳහා ලබා දී ඇති බව ද පැවසූ ලේකම්වරයා ඒ පිළිබඳ මහ නාහිමිවරුන්ගේ Read More

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවේ

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ ලේකම් විනේ මෝහන් ක්වාත්‍රා මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පෙරවරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ දී සිදු විය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන අයුරින් ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙරට ආර්ථිකය Read More

ලංගම දුර බස් කාලසටහන අන්තර් ජාලයට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර සේවා බස්රථ කාලසටහන් පළමුවරට අන්තර්ජාලයට එක් කර තිබේ. මේ අනුව ලංගම දුරගමන් සේවා බස්රථ කාලසටහන මඟින් අද (10) සිට මගීන්ට ඉතා පහසුවෙන් 1315.lk වෙබ් අඩවියෙන් හා 1315.lk ජංගම යෙදුම ඔස්සේ සේවාව ලබාගත හැකියි.එමෙන්ම මෙම ජංගම යෙදවුම ඔස්සේ තමන් කැමති ආසනය තෝරාගෙන වෙන් කරවාගැනීමේ හැකියාව පවතින අතර දිවයිනම ආවරණය වන පරිදි Read More

ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි අතිවිශේෂ ගැසට් නිවේදනයක්

2023- 2024 වර්ෂවලට අදාළව ජන හා නිවාස සංගණනයක් පවත්වන්නැයි නියෝග කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. සංගණන ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කරන බව ගැසට් නිවේදනයේ සඳහන් විය.

උතුරු අත්ලාන්තික් සාගරයේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් යුත් ප්‍රබල භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වේ.

t

o

p