Special News

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 93,171 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 07 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි. රත්නපුර, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මන්නාරම හා බදුල්ල එම දිස්ත්‍රික්කවේ. පානීය ජල අර්බුදයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 28,947 කි. මේ අතර පවතින වියළි කාලගුණය හමුවේ විවිධ රෝගාබාධ ඇති Read More

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය

කංකසන්තුරේ සහ ත්‍රිකුණාමල වරාය ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ අවධානය යොමුව තිබේ. ඒ පිළිබද සාකච්ඡා කිරීමට 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය. කංකසන්තුරේ සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කංකසන්තුරේ වරායේ යටිතල පහසුකම් සැපයීමට වරාය අධිකාරිය කටයුතු කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙනලදි. Read More

ජලය හැකි තරම් පානය කරන්න වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්

දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු පවසයි. දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවත් වෛද්‍යවරු පවසයි. වෛද්‍යවරු පවසන්නේ මේ දිනවල දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම යෝග්‍ය බවයි.

යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකියි – ජනාධිපති

යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍‍ගොඩනැගීමට නම් 21 වන සියවස‍ට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නව නීති සම්පාදනය කළ යුතු බව Read More

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම දින නියමයක් නොමැතිව කල්යයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කර ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ආණ්ඩු පාර්ශ්වය උත්සාහ කළත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට පසුබටවීම හේතුවෙන් එය දින නියමයක් නොමැති තැනට පත්ව ඇති බව වාර්තා වෙයි. විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (08) එහි Read More

යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට මිසයිල ප්‍රහාර 40ක්

බටහිර යුක්‍රේනයේ ගුවන් හමුදා කඳවුරු 2කට රුසියාව විසින් මිසයිල ප්‍රහාර 40ක් පමණ එල්ල කර තිබේ. කෙසේ නමුත් එල්ල කළ මිසයිල ප්‍රහාර 30ක් පමණ බිම හෙලු බව යුක්‍රේනය පැවසීය. ප්‍රහාරයෙන් සිදු වූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත. රුසියාව යුක්‍රේනයේ හාර්කිව්හි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල කළේ ය.

නුවර වැව රක්ෂිතයේ පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක්

දැඩි නියං කාලගුණයත් සමඟ වැව් සිඳී යන මොහොතක, අනුරාධපුර නගරයට සහ පූජා නගරයට පානීය ජලය සැපයෙන නුවර වැව රක්ෂිතයේ ඇති වසර ගණනාවක් පැරණි ගස් කපා දමා වන සතුන් දඩයම් කිරීමේ ජාවාරමක් සිදු වන බව නුවර වැව අවට ප්‍රදේශවාසීහු පවසති. අනුරාධපුර කීරියගස් හන්දියත්, ඉච්චන්කුලම මෙත් හිමි මාවතත් අතරමැද ඇති නුවර වැවේ මෙම රක්ෂිත කොටස කපා දැමූ Read More

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08) රාත්‍රියේ දඹානේදී පැවැත්වෙයි

ආදිවාසි නායකයන්ගේ වරිග සභා රැස්වීම අද (08 දා) රාත්‍රියේ දඹානේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම රැස්වීමට ප්‍රාදේශීය ආදිවාසි නායකයන් පැමිණෙන අතර ආදිවාසි නායක ඌරුවරිගේලාගේ වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් පිරිස රැස් වෙති. හෙට (9 දා) සිහි කෙරෙන ලෝක ආදිවාසීන්ගේ දින පැවැත්වෙන වැඩසටහන් මෙන්ම ආදිවාසි ජනතාවට අද තදින්ම බලපා තිබෙන වගා කිරීමේ අර්බුදය සහ අධික නියඟයෙන් ඇතිවී තිබෙන Read More

ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (09) දිනයේ කළුතර දිස්ත්‍රික්කයේ අළුත්ගම, මතුගම, අගලවත්ත යන ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ සහ බෙන්තොට යන ප්‍රදේශවලට ජල Read More

සමනල වැව ජලාශයෙන් ජලය නිකුත් කිරිමට කැබිනට් අනුමැතිය

සමනලවැව ජලාශයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ, අද (07) පස්වරුවේ පැවති කැබිනට් හමුවේදී ය. රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පැවසුවේ, ජාතික විදුලි අවශ්‍යතායට විකල්ප විසඳුම් සොයමින් ජලය නිකුත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

t

o

p