Gallery

මහජන ක්ෂේත්‍රය තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය පිළිබඳව විශ්වවිද්‍යාල සිසුන් දැනුවත් කිරීමක්

මහජන අවකාශය තුළ පාර්ලිමේන්තුවේ භූමිකාව පිළිබඳ විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවත්විණි. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට රජරට විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරමින් සිසුන් සියයකට අධික පිරිසක් සහභාගී වූහ. Read More

නීතිඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජික පිරිසක් කථානායකවරයා හමුවෙති

නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඇතුළු සාමාජික පිරිසක් සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පසුගිය කාලය තුළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ පවතින නඩු සහ විනිසුරුවරුන් සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම මගින් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුවන බවට නීතිඥ සංගමය විසින් හදුනාගෙන Read More

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණයන් දැනුවත් කිරීමක්

ප්‍රජාතන්ත්‍රවාදය සහ පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳව තරුණ නායකයන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සංවිධානය කොට තිබිණි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමඟ එක්ව පැෆරල් ආයතනය විසින් මෙම වැඩමුළු සඳහා තරුණ නායකයන් තෝරා ගෙන තිබිණි. සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය ද්වයෙන්ම පැවති මෙම වැඩමුළු සඳහා ප්‍රධාන සම්පත් දායකත්වය සැපයූවේ , පාර්ලිමේන්තු මහලේකම් Read More

කටුකුරුන්ද පුහුණු පාසලේ විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණයෙන්

විශේෂ කාර්ය බළකායේ 39 වන රණවිරු ගුණානුස්මරණ ප්‍රධාන උත්සවය ඊයේ (01) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් පී.වියානි ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි. යුද්ධය හේතුවෙන් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 464 දෙනෙකු සහ කම්කරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.ආබාධිත තත්වයට පත්ව ඇති නිලධාරීන් සංඛ්‍යාව 744 ක්. ප්‍රධාන සැමරුම් උත්සවයට සමගාමීව විශේෂ කාර්ය Read More

ලන්දේසීන් රැගෙන ගිය අපේ උරුමයන් නැවත ගෙන්වා ගැනීමට ගිවිසුමක්

වර්ෂ 1765 දී ලන්දේසීන් විසින් මහනුවර රජමාලිගාව වටලන ලද අවස්ථාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) විසින් රැගෙන ගිය ඓතිහාසික වටිනාකමක් සහිත කෞතුක භාණ්ඩ 06ක් නැවත මෙරටට ගෙන ඒම සම්බන්ධව ගිවිසුම් 02ක් ඊයේ(28) බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේදී අත්සන් කෙරිණි. මෙම ගිවිසුම් අත්සන් තැබීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු Read More

ජනපති සහ සිංගප්පූරු අගමැති හමු වෙයි

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් (Lee Hsien Loong) මහතා අතර නිල හමුව ඊයේ (22) දහවල් ඉස්තානා මන්දිරයේ දී සිදු විය. මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය. නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි. Read More

“ශනිදා සීතාවක ඔඩෙසි” ගමන් අරඹයි

සති අන්තයට නව සංචාරක දුම්රිය අත්දැකීමක්‌ එක් කරමින් “ශනිදා සීතාවක ඔඩෙසි සංචාරක දුම්රිය” ඊයේ(05) කොළඹ සිට වග දුම්රිය ස්ථානය දක්වා සුබ මොහොතින් ගමන් ආරම්භ කෙරිණි. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම අනුව ආරම්භ කෙරුණු මෙම දුම්රිය සේවාව මගින් සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කිරීම උදෙසා Read More

ජපාන විදේශ අමාත්‍යවරයා ජනපති හමු වෙයි

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා (HAYASHI Yoshimasa) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා (29) කොළඹදී පැවැත්විණ. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතාවන් සිහිපත් කරමින් ඇරඹි මෙම සාකච්ඡාවේ දී ක්ෂේත්‍ර රැසක් ඔස්සේ එම සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ Read More

ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංගම බස් රථ අලුත්වැඩියා කොට නැවත ධාවනයට

රටේ පැවති ආනයන සීමා හේතුවෙන් ඇති වූ අමතර කොටස් හිඟය සහ මිලදී ගැනීමේ මූල්‍ය දුෂ්කරතා නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් දැනුම් දීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. ප්‍රවාහන අමාත්‍ය බන්දුල Read More

t

o

p