Business

කොළඹ ක්‍රියාදාමයේ පස්වන සමුළුව 25දා

කොළඹ ක්‍රියාදාමයේ රටවල අමාත්‍යවරුන්ගේ පස්වන සමුළුව ලබන 25 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. කොළඹ ක්‍රියාදාමයේ රටවල වත්මන් සභාපතීත්වය ශ්‍රී ලංකාව විසින් දරන අතර විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය වත්මන් සභාපතිනිය ලෙස කටයුතු කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සමුළුව සඳහා සාමාජික රටවල් 11ක් නියෝජනය කරමින් අමාත්‍යවරුන් සහභාගී වීමට නියමිතය. ඒ අනුව Read More

ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම සම්පුර්ණ කරන්න පුලුවන්

2016 වසර අවසන් වන විට ත්‍රී පෝෂ නිෂ්පාදනයේ ඉල්ලුම 100% සම්පූර්ණ කළ හැකි බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී. බන්දුසේන මහතා පැවසීය. ඒ සඳහා රුපියල් මිලියන 250ක පමණ මුදල් වැය කරමින් නව යන්ත්‍ර සූත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇත. මෙම නව යන්ත්‍රය සවි කිරීම සඳහා වූ ගොඩනැගිලි ඉදිකිරීම වැනි සෙසු කටයුතු ඇතුළුව මෙම සංවර්ධන කටයුතු Read More

ආර්ථික දියුණුවට චයිනා මර්චන්ට් සමාගමෙන් ලංකාවට අතහිත

මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානමින් සිටින බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිලාෂයන් ඉතා වැදගත් බව පෙන්වා දුන් ලි ජියැන්හොං මහතා අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික Read More

ටොයෝටා ලංකා ආයතනයට ශ්‍රී ලාංකික අධ්‍යක්‍ෂවරයෙක්

ටොයොටා ලංකා ආයතනයේ වත්මන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි / විධායක නිලධාරි මනෝහර අතුකෝරළ මහතා 2016 ජූලි මස 01 වැනිදා සිට එම ආයතනයේ අධ්‍යක්ෂක ලෙස ජපානයේ ටොයොටා සමාගම් සමූහයේ සාමාජික සමාගමක්වන ටොයොටා ටූ ෂෝ සමාගම විසින් පත්කර ඇත. 2003 වසරේදී ටොයොටා ලංකා ආයතනයට සම්බන්ධවූ ඔහු 2006 වසරේදී ටොයොටා ලංකා ආයතනයේ මූල්‍ය සහ පරිපාලන අංශයේ සාමාන්‍යාධිකාරි විය. 2010 Read More

ජපානයෙන් මිලියන 140 ක කුණු ලොරි 12 ක් කොළඹට

ජපාන රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 140 ක වටිනාකමින් යුත් ඝන අපද්‍රව්‍ය රැස් කරන රථ 12 ක් කොළඹ නගර සභාව වෙත අද (05) පරාත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කෙන්නිචි සුගනුමා මහතා විසින් එම රථ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා වෙත ලබා දුන්නේය. එම අවස්ථාවට කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් ටි.කේ.ඒ. අනුර Read More

ඉන්දියාවේ තෝමස් කුක් ලංකාව ගෑන උනන්දුවෙන්

ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක කර්මාන්තය සම්බන්ධිත මූල්‍ය සේවා සමාගමක් වන Thomas Cook (India) Ltd, මෙරට සම්මේලන කාර්යාංශය හා ශ්‍රීලංකන් ගුවන් සේවය එක්ව ප්‍රමුඛ පෙළේ ආයතනික හමුවක් සංවිධානය කර තිබේ. ඉන්දියානු MICE (Meetings, Incentives, Conferences, Events) සංචාරකයින් මෙම හමුවේ ප්‍රමුඛ ඉලක්කය වී තෝමස් කුක් ඉන්දියා සමාගම කියා සිටී. ඉන්දියාවේ මධ්‍ය හා මහා පරිමාණ සමාගම් සහ සුළු හා Read More

ජපානයෙන් බිලියන 14ක ණයක්

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සඳහා යෙන් බිලියන 10ක (රුපියල් බිලියන 14.20) ණය ආධාර මුදලක් ලබාදීමට ජපන් රජය තීරණය කරයි. වසර 25කින් ගෙවා නිම කළ යුතු මෙම ණය ගෙවීම් සඳහා වසර හතක සහන කාලයකි. වාර්ෂික පොළිය සියයට 1.4කි.

නිදහසින් පසු පළමු මූල්‍ය නගරය අගහරුවාදා ප්‍රකාශ කරයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ආසියානු පැසිපික් කලාපයේ මූල්‍ය නගරය බවට පත් කෙරෙන කැබිනට් පත්‍රිකාව ලබන අගහරුවාදා (02) ඉදිරිපත් කිරිමට නියමිතය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩලය වෙත ඉහත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරිමෙන් පසු ඉන්දියාවේ චෙන්නයි නුවර හා මැද පෙරදිග ඩුබායි අතර අතරමැදි මූල්‍ය නගරයක් ලෙස ශ්‍රී ලංකා කොළඹ Read More

ලංකාවේ නැවියන්ට ස්විස් රැකියා

ස්විස්ටර්ලන්ත ධජය සහිත නෞකාවල සේවය කිරීමේ අවස්ථාව ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නාවිකයින්ට උදා වන බව වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහතා පවසයි. මේ සඳහා වූ ද්විපාර්ශික අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙයිඩර්කෝන් (Heinz Walker – Nederkoon) මහතා විසින් Read More

පාලන මිලට භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථානවල නෑ

භාණ්ඩ කිහිපයක් සඳහා රජය මගින් හඳුන්වාදුන් පාලන මිල කිසිඳු ආර්ථික මධ්‍යස්ථානයක කි‍්‍රයාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේ රටපුරා පිහිටි සියලු තොග වෙළෙඳසැල් සහ සිල්ලර වෙළෙඳසැල් පමණක් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්‍ෂා කෙරෙන බවයි. ආර්ථික මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් කටයුතු කර නොමැති බවත් ඒ මහතා පවසයි. Read More

t

o

p