ඇයවැය ඡන්දය අද

2015 වසර සඳහා වූ අයවැය ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. ජාතික හෙළ උරුමය ඡන්දය විමසීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇත.

තෙවැනි වරටත් දිනුම රටටයි

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ තෙවැනි වර ජයග‍්‍රහණය සඳහා වන ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමටත් එමගින් රට පුරා ගම්මාන 12,000ක් ආවරණය වන සේ දැවැන්ත මැතිවරණ සංවිධාන හා ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කිරීමටත් තම පක්‍ෂය කටයුතු යොදා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි. පක්‍ෂ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා Read More

ජැකලීන්ගේ ආප්ප කඩේ පණුවෝ!

ලාංකික සම්භවයක් ඇති ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ගේ අලුතින් විවෘත කළ අවන්හලේ පාරිභෝගික පුද්ගලයෙකු එම අවන්හලේ ෆේස් බුක් පිටුවට පණුවන් සහිත කෑම පිගානක ඡායාරූප පෙළක් පළ කර තිබෙනවා. ඒ ඔහු විසින් පසුගිය දිනක ඇනවුම් කළ එක් කෑම පිගානක පණුවන් ද සිට ඇති අතර එහි ඡායාරූප පෙළක් මෙසේ අන්තර්ජාලයට එක් කර තිබෙනවා. ඇය මෙම අවන්හල විවෘත කරන ලද්දේ ප්‍රවීණ Read More

ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව රැස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(19) රැස්වීමට නියමිතව තිබේ. අද රාත්‍රියේ දී ජනාධිපති මන්දිරයේ දී නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වන බව වාර්තා වෙයි. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. අද මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතියි.

රතන හිමි රජයේ තනතුරු අතහරී

දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුර ඇතුළු සෙසු තනතුරු වලින් අද (17) ඉල්ලා අස්වූ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. තමන් වහන්සේට ලබාදී තිබූ නිල රථයද යළි බාරදුන් බවත් ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස ආණ්ඩුව තුළ කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ. දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් හා ඊට අදාල Read More

ජනපතිවරණයට පෙර ‍පොලීසියේ ඉහළ පුටු වෙනසක්

ජනාධිපතිවරණය  ප්‍රකාශයට පත් කිරීමට පෙර ‍පොලීසියේ ඉහළ පුටු කිහිපයක වෙනසක් සිදුවනු  ඇති බව නීතිය හා සාමය පිළිබඳ  අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ‍ලේකම් ලෙස හිටපු ‍පොලිස්පති ආචාර්ය මහින්ද බාලසූරිය මහතා වැඩ භාර ගැනීමෙන් අනතුරුව ‍පොලිස් ස්ථානාධිපතිවරු, සහකාර ‍පොලිස් අධිකාරිවරු සහ කොට්ඨාසභාර ‍පොලිස් අධිකාරිවරු රැසකට ස්ථානමාරු ලැබිණි. ස්ථානාධිපතිවරු රැසකගේ ස්ථානාධිපතිධුරද අහිමි Read More

ඕනෑම අභියෝගයකට සුදානම්

බලයට පත්වු දා සිට රටත්,ජාතියත් නඟා සිටුවීමට කටයුතු කළ තමන් ඕනෑම අභියෝගයකට සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. රටේ සිදුවන සංවර්ධනය ආපසු හැරවීමට ජනතාව කිසිදා ඉඩ නොතබන බවත් ජනතා ආශිර්වාදයෙන් රට ගොඩනඟන වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. උතුරු අධිවේගී මාර්ගයේ කුරුණෑගල පිවිසුමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ Read More

ඉල් මහ විරු සමරුවෙන්

ජනතා විමුක්‌ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විඡේවීර මහතා ඇතුළු දිවි පිදූ විරුවන් සැමරීමේ 25 වැනි ඉල් මහ සමරුව (13) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී පැවැත් වූ අතර විශාල සාමාජික පිරිසක් ඒ සඳහා එක්වී සිටියහ.

වැලේරි හර්නැන්ඩෙස් Miss International වෙයි

54 වැනි වරට පැවැත්වූ ජාත්‍යන්තර රූ රැජින තරගාවලියේ ජය පොටෝ රිකෝ සිට පැමිණි 21 හැවිරිදි වැලේරි හර්නැන්ඩස් දිනාගත්තාය.පෙරේදා (10දා) ජපානයේ ග්‍රෑන්ඩ් ප්‍රින්ස් හෝටලයේ පැවැත්වූ Miss International 2014 තරගයේ දෙවන ස්ථානය කොලොම්බියාව නියෝජනය කළ සුලේයිකා සුආරෙස් විසින් ද, තෙවන ස්ථානය තායිලන්ත ජාතික පුනිකා කුල්සෝනටොර්නරුට් විසින් ද දිනාගනු ලැබීය.  

t

o

p