රතන හිමි රජයේ තනතුරු අතහරී

November 17, 2014

දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති තනතුර ඇතුළු සෙසු තනතුරු වලින් අද (17) ඉල්ලා අස්වූ බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

තමන් වහන්සේට ලබාදී තිබූ නිල රථයද යළි බාරදුන් බවත් ස්වාධීන මන්ත්‍රී හිමිනමක් ලෙස ආණ්ඩුව තුළ කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

දිවුලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් හා ඊට අදාල සියලු වගකීම්වලින් අද සිට ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට ලිඛිතව දැන්වා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p