බදු නොගෙවන පුද්ගලයින් ගැන දැඩි තීරණයක්

මෙවර අයවැය යෝජනාවලිය අවසානයේ බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ බදු ප්‍රතිපත්ති සංශෝධන යෝජනා ඇතුළත් කර තිබුණි. ඒ අනුව 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට සංශෝධන රැසක් ඉදිරිපත් කර ඇත. ඒ අතර අවස්ථා කිහිපයකදී බදු ගෙවන්නා හඳුනාගැනීම අංකයක් ඇතුළත් සහතික පිටපතක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ. එම අවස්ථාවන් 4 පහතින්, ඕනෑම බැංකුවක ජංගම ගිණුමක් විවෘත Read More

පරමාණු බලශක්ති ආයතනයේ නියෝජිතයින් පිරිසක් ලංකාවට

මෙරට න්‍යෂ්ටික බලශක්ති නීතිය සකස්කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදීම සඳහා අන්තර්ජාතික පරමාණු බලශක්ති ආයතනයේ නියොජිතයින් පිරිසක් මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්. ඩී. රෝසා මහතා පවසන්නේ, ඔවුන් ශ්‍රී ලංකාවේ නව තාක්ෂණික බලශක්ති නීතිය කෙටුම්පත් කිරීම සඳහා සහය දක්වනු ඇති බවයි. රුසියානු රාජ්‍ය පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් ROSATOM (රොස්ආතම්) Read More

ඉදිරි පැය 24 අවදානම්

අද (13) දිනයේ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල, පොළොන්නරුව දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මි. මී.100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. තවද දිවයින ආශ්‍රිතව පවතින වැසි තත්ත්වය තවදුරටත් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බවද කාලගුණ විද්‍යා Read More

2024 අයවැය යෝජනා අද පාර්ලිමේන්තුවට

2024 වසරේ අයවැය යෝජනා අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ හේතුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආශ්‍රිතව ආරක්ෂාව දැඩිකර ඇතැයි ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ය. මේ අතර අය වැය විවාදය පවත්වන වකවානුව තුළ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් Read More

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සුළු භූ කම්පනයක්

ත්‍රිකුණාමලය ප්‍රදේශයට සුළු භූ කම්පනයක් සිදුව ඇති බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 3.4ක් ගෙන ඇති බවයි. අද දහවල් 1.15ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී තිබෙන අතර එය ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

දීපාවලී උත්සවය වෙනුවෙන් ජනපතිගෙන් සුබපැතුම් පණිවිඩයක්

අඳුර දුරලමින් ආලෝකය උදාකරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලි උත්සවය නිමිත්තෙන් මාගේ සුභාශිංසන එක්කරන්නේ ඉමහත් සතුටිනි. විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපවාලි උත්සවය සමරන අතර, තමන් ආලෝකය ලබාගත් අයුරින් ලොව සියලු දෙනාටද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවියන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ. මෙම Read More

නිල්වලා ලවණ බාධකයේ කොටසක් ඉවත් කරයි

නිල්වලා ගඟේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ වැඩකටයුතු අවසන් කර තිබේ. මාතර දිස්ත්‍රික් ලේකම්, වයි. වික්‍රමසිරි මහතා සඳහන් කළේ එහි ඇල මාර්ගය පවිත්‍ර කිරීමේ කටයුතුද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බවයි. යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ලවණ බාධකයේ කොටසක් ඉවත් කිරීමේ කටයුතු සිදු කරනු ලැබීය.

ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට

කොළඹ මහනගරසභා සීමාව, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල දෛනික ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ අද (12) දින කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දින 5 ක විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක්ද සංවිධානය කර ඇති බවයි. මේ දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඉදිරියේදී තවදුරටත් ඩෙංගු Read More

දුම්වැටි ලඟ තබාගෙන වැඩ වරදී

විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මහනුවර කලාපය භාර කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඒන්.එන් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී ඩබ්.සී.එස්. සිල්වා මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හපුතලේ කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී Read More

අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කුඩා පරිමාණ කෘෂිකර්ම ව්‍යවසායකත්ව වැඩ සටහන (SAPP) මගින් දිස්ත්‍රික්ක පහක අක්කර 40,000ක බඩඉරිඟු වගා කිරීමේ ව්‍යාපෘතියක් මෙම මහ කන්නයේ දී ආරම්භ කර තිබේ. ඒ අනුව අනුරාධපුර, හම්බන්තොට, බදුල්ල, මොනරාගල, අම්පාර යන දිස්ත්‍රික්ක පහ තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඊට දායකත්වය සපයන ගොවීන් ප්‍රමාණය 23,000ක්. අක්කර 40,000ක Read More

t

o

p