හම්බන්තොටට චීනයේ තෙල් පිරිපහදුවක්

හම්බන්තොට නව ඛනිජ තෙල් පිරිපහදුව සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අදාළව චීනයේ SINOPEC සමාගමට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ අදාළ ගිවිසුමට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. ඒ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සෑම පළාත් පාලන ආයතනයකටම IT නිලධාරියෙක්

රාඡ්‍ය ආයතන වල දුෂණ අක්‍රමිකතා මැඩ පැවැත්වීම සඳහා සෑම පළාත් පාලන ආයතනයකටම තොරතුරු තාක්ෂණ නිලධාරියෙකු (IT Officer) පත්කරන ලෙස විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබේ. මහජනතාව විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් විමසීම් සිදුකර, ආයතන සඳහා යොමු කරන ලිපි සඳහා කඩිනමින් පිළිතුරු ලිපි යොමු කිරීම ඉතාමත් Read More

පෞද්ගලික ආරක්ෂක සේවා නියාමය කිරිම සඳහා නිර්ණායක සකස් කිරීම අවශ්‍යයි

යම් යම් පුද්ගලයින් තමන්ගේ ආරක්ෂාව උදෙසා පෞද්ගලික ආරක්ෂකයින්ගේ සේවාව ලබා ගැනීම පිළිබඳව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධානය යොමුවිය. ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පෞද්ගලික ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ඇතැම් පුද්ගලයින් හේතුවෙන් මහජනතාව යම් යම් පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන බව කාරක සභා සාමාජිකයෝ පෙන්වා Read More

විභාගය සමත් රැසකට ග්‍රාම නිලධාරි පත්වීම්

ග්‍රාම නිලධාරි විභාගය සමත් 2,238ක් ලබන පෙබරවාරි 04 දිනට පෙර බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත මහතා පවසයි. 2021 වසරේ අයදුම්පත් යොමුකළ සුදුසුකම්ලත් අපේක්ෂකයන් සඳහා දෙසැම්බර් 02 වැනිදා විභාග දෙපාර්තමේන්තුව විසින් විභාගය පවත්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ග්‍රාම නිලධාරීන් සේවා ව්‍යවස්ථාව ඉතා කඩිනමින් සකස් කර එම නිලධාරීන්ගේ පවතින ගැටලු නිරාකරණය Read More

විපක්ෂයට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය මෙන්න

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගය ආණ්ඩුව සමඟ එක්වීම බවත්, ආණ්ඩුව සමඟ කටයුතු කර ලබා ගන්නා පළපුරුද්ද අනුව ඊළඟ මැතිවරණයකදී ආණ්ඩු බලය ලබා ගැනීමට ඔවුන්ට උත්සාහ කළ හැකි බවත් සඳහන් Read More

අයවැය යෝජනාවක පළමු අධියර නොච්චියාගමින් ඇරඹෙයි

සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්‍යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර සිටියේ 2024 අයවැය යෝජනාවක් වන “උරුමය” වැඩසටහන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු Read More

බණ්ඩි පෝර 9000ට දෙන්න කැබිනට් අනුමැතිය

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. රුපියල් 19,000කට අලෙවි කළ බන්ඩි පොහොර මිටියක මිල රුපියල් 9000 දක්වා අඩු කිරීම සඳහා තමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබුනු බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව රජයට අයත් Read More

සීනි කර්මාන්ත ශාලාවල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් වල අතිරික්තයක්

සීනි කර්මාන්තශාලා වල අතුරු නිෂ්පාදනයක් වන එතනෝල් මේ වනවිට අතිරික්තයක් ලෙස පවතින බව භාණ්ඩ හා සේවා අපනයන ඉහළ නැංවීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.ඒ අනුව එම එතනෝල් ප්‍රමිතියක් සහිතව අපනයනය කිරීමට වැඩපිළිවෙලක් සැකසීම පිළිබඳව නිලධාරීහු විසින් කාරක සභාවේ අවධානයට යොමුකළහ. මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ Read More

ගාලු උරුම පදනමේ අනාගත ඉලක්කයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ගාලු උරුමය පදනමේ අනාගත ඉලක්කයන් හා සැළසුම් මොනවාද යන්න පිළිබඳව විමසන ලදී. ඒ, එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වය යටතේ පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය. ඒ අනුව පුරාවස්තු ආඥාපනත මගින් ආවරණය නොවන උරුම,වත්කම් ආරක්ෂාව සඳහා ලැයිස්තුගත කිරීමට Read More

විදේශ මුදල් ව්‍යාපෘති 179න් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31ක් පමණයි

ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සලකා බලනු ලැබූ අවස්ථාවේදී විදේශ මුදල් ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡාවට බඳුන් වූ අතර, එහිදී විදේශ මුදල් ව්‍යාපෘති 179ක් අතරින් සාධනීය මට්ටමක පවතින්නේ ව්‍යාපෘති 31 පමණක් බවට අනාවරණය විය. මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ Read More

t

o

p