රට අස්ථාවර කිරීමට හෝ නැවත යුධ බිය ඇතිවීමට ඉඩ තබන්නේ නැහැ

මෛත‍්‍රීපාල සිරිසේන අත්තනගල්ලේ දී වසර ගණනාවක් නිදහස් පක්‍ෂයේ මහලේකම් ලෙස කටයුතු කළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙනත් ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ ඇයි දැයි යන්න කෙනෙකුට ප‍්‍රශ්නයක් විය හැකියි. ආණ්ඩුව තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බණ්ඩාරනායක ප‍්‍රතිපත්තිය හෝ බණ්ඩාරනායක දර්ශනය නොමැත. රටේ සෑම අත, සෑම තැන වංචාව දූෂණය ඉහවහා ගොස් ඇත. මේ තත්ත්වයන් දුරුකොට යහපාලනය රටෙහි ඇති කිරීම Read More

ෆොන්සේකාගේ භික්ෂු පෙරමුණත් ජනපති සහායට

සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විකල්ප භික්ෂු පෙරමුණ ඉදිරි ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට අද (22) තීරණය කළ අතර එය දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි එහි මූලස්ථානයේදී පැවැත්විය.

මත්තල ගුවන්තොටුපලට වැය කළ මුදල සොයන්න අවුරුදු 140,000ක් යනවා

– දූෂකයන්ට දඩුවම් දෙන දිනය 8 වනදායින් උදාවෙනවා ලෝකයේ ඇති වන නව ආර්ථික රැල්ලත් සමග කටයුතු කිරීමට තෙවන වතාවටත් බලයට පත්වීමට අපේක්ෂා කරන මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි බව ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා අද (22) පිටකෝට්ටේ සෝලිස් හෝටලයෙදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

තාරුණ්‍යයට හෙටක් නොව විනාශයක් උදාකළ වත්මන් පාලනය ගෙදර යවමු

 තරුණ මන්ත‍්‍රීවරුන්ගේ එකමුතුව මාධ්‍ය සාකච්ඡාවේදී පවසයි. මෙකී මාධ්‍ය සාකච්ඡාව පළාත් සභා මන්ත‍්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, උදාර රත්නායක, චිත‍්‍රාල් ප‍්‍රනාන්දු සහ ප‍්‍රාදේශිය සභා සභාපති සෝලංග ආරච්චි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුනි.

සිරිසේන හවුලේ තමසෙක් ආකෘතිය රනිල්ගේ යළි පිබිදෙමු සහ චන්ද්‍රිකාගේ ප්‍රතිව්‍යුහගතකිරීමේ පෞද්ගලීකරණ සංකල්පය බව වමේ සමිති කියයි

රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආණ්ඩු කාලයේදී සිදු වූ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිළිවෙල නැවත මෛත්‍රීපාල සිරිසේන මහතා හරහා ක්‍රියාත්මක කරවීමට විපක්ෂය සූදානම්වී ඇති බවත්, එසේ නැවත පුද්ගලීකරණයට හිස එසවීමට මෙරට ප්‍රගතිශීලි ජනතාව කිසිදු අවස්ථාවක් නොදීමට කටයුතු කරන බවත් තම සංවිධානයේ පූර්ණ සහයෝගය පෞද්ගලීකරණයට එරෙහිව කටයුතු කරන ජනපති මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට Read More

පැකේජ් නෝනලා, සටන් විරාම මහත්වරුන්, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සමඟ සිරිසේන මහතා ගමන් කරන්නේ රට දෙකඩ කිරීමට නොවේ දැයි විමල් වීරවංශ අමාත්‍යවරයා ප්‍රශ්න කරයි

පැකේජ් නෝනලා, සටන් විරාම මහත්වරුන්, සම්බන්ධන්ලා, මනෝ ගනේෂන්ලා සමඟ සිරිසේන මහතා ගමන් කරන්නේ රට දෙකඩ කිරීමට නොවේ දැයි ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරයි.

මේ පාලන ක‍්‍රමවේදය තුළ කාන්තාවන් වෙනුවෙන් හඬ නැගීමට කෙනෙක් නෑ

– රංගන ශිල්පිනි දීපානි ද සිල්වා සමාජයට යම් අසාධාරණයක් සිදු වන විට, බිය සැක නොමැතිව ඒ වෙනුවෙන් පෙනී සිටින බව ප‍්‍රවීණ රංගන ශිල්පිනී, දීපානි සිල්වා ඊයේ (21) පොදු අපේක්‍ෂක මෙහෙයුම් කාර්යාලයේ පැවති කාන්තා අභිමානි පුවත්පත් සාකච්ඡාවට එක්වෙමින් ප‍්‍රකාශ කළේය.

රනිල් – සිරිසේන හොර ගිවිසුම ජාතිය පාවාදීමේ මහා කුමන්ත්‍රණයක් බව එජාප හිටපු මහලේකම් ගෙන් හෙළිදරව්වක්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පක්ෂය සමඟ අභ්‍යන්තර අත්සන් කල ගිවිසුමෙන් උතුරු පළාතේ රඳවා ඇති හමුදාව සියයට 50 දක්වා අඩු කරමින් සියලු අධි ආරක්ෂිත කලාප ඉවත් කරන බවද 13වැනි සංශෝධනය ඉක්මවා යන බලය  බෙදා දීමක් සිදුකිරීමට එකඟ වී ඇතැයි එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අනාවරණය කළේය.

මාර්ග අනතුරු වැඩි වී ඇත්තේ නීති නොපිළිපැදීම නිසා

අද වන විට මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වී ඇති බවත් මාර්ග නීති නොපිළිපැදීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙන බවත් නියෝජ්‍ය කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා පවසයි.

t

o

p