ආර්ථිකය සවිමත් කරගන්න මේ මඟෙහි යා යුතුයි

එය මල් ඇතිරූ මඟක් නොවේ; එකිනෙකා සතු වගකීම් ඉටු කොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගැනීමට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වසර වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියි. එහි මෙසේ ද සඳහන් කර තිබේ. 2024 නව වසරට අප පියනඟන්නේ ශ්‍රී ලංකාව යළි නඟාසිටුවීමේ අභියෝගය හා අපේක්ෂාව Read More

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද(01) සිට

2024 ඡන්ද හිමි නාමලේඛණය ලියාපදිංචිය අද (01) ඇරඹීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි. මීට පෙර අදාළ ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි 01වැනිදායින් ඇරඹීමට නියමිතව තිබුණි.

සෑම රාජ්‍ය ආයතනයකම නව වසර වෙනුවෙන් අද(01) උත්සවයක්

අද (01) දිනයේ දී සියලුම රාජ්‍ය ආයතනවල නව වසරේ රාජකාරි ආරම්භ කරන නිල උත්සවයක් පවත්වන ලෙසට දැනුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට මෙම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්. මෙම නිල උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරු 9.00ට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

අන්තර්ජාලය ඔස්සේ සිදු කරන මුදල් වංචා ගැන අනාවරණයක්

මේ වසරේ ගතවූ කාලය තුළ අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 150 ඉක්මවූ සංඛ්‍යාවක් ලැබී ඇති බව පරිගණක අපරාධ කොට්ඨාසය පවසයි. එහි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය පෙන්වා දෙන්නේ අනන්‍යතාව හෙළි නොකරන විවිධ පුද්ගලයින් විසින් සිදුකරන වංචනික ක්‍රියාවන්ට හසුවී සිය මුදල් හා දේපොළ අහිමි කරගත් සිදුවීම් රැසක් ඒ අතර වන බවයි. පොලිස් Read More

බිත්තර මිලියන 06ක් අද දිවයිනට

ඉන්දියාවේ සිට තවත් බිත්තර මිලියන 06ක් රැගත් නෞකාවක් අද (31) දිවයිනට ළඟාවීමට නියමිත බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ආසිරි වලිසුන්දර කියා සිටියේ අදාළ බිත්තර තොග ලබන බ්‍රහස්පතින්දා සිට රට පුරා සතොස අලෙවිසැල්වලට බෙදාහැරීමට කටයුතු කරන බවයි.

විජේ ජනවාරි දෙවන සතියේ ශ්‍රී ලංකාවට

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන තලපති විජේ (Thalapathy Vijay) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ජනවාරි මස දෙවන සතියේදී ජනප්‍රිය රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි. Venkat Prabhu ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 (Thalapathy 68) චිත්‍රපටයේ දර්ශන සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත අතර මෙතෙක් එහි Read More

අද 31රෑ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී සුවිශේෂී වැඩසටහන් රැසක්

31රෑ ගාලුමුවදොර ක්‍රීඩාංගනයේ දී සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සංචාරක ඉඩම්,ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. දිවයිනේ ජනකාන්ත තරු රැසක් ගී ගයන වසරේ දැවැන්තම සංගීත ප්‍රසංගය එහිදී පැවැත්වෙන අතර ප්‍රසංගය සංගීතවත් කරන්නේ ප්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම විසිනි. මේ අතර ඊට සහභාගීවන දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ පහසුව සහ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක සැලැස්මක් Read More

UAE බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයින්ට නිදහස හිමිවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා විවිධ බන්ධනාගාරවල සිටින ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙකුට රාජකීය නියෝගයක් මගින් සමාව ලබාදී ඇත. දෙසැම්බර් 02 දිනට යෙදී තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් මෙම ශ්‍රී ලාංකික සිරකරුවන්ට රාජකීය නියෝගයෙන් සමාව ලැබුණු බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අබුඩාබිහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා තිබේ.

දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 05කට නාය යෑමේ අනතුර ඇඟවීම් නිවේදන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල, මහනුවර, මාතලේ, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා විමසිලිමත් විය යුතු මට්ටමේ සහ අවධානය යොමු කළ යුතු මට්ටමේ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති Read More

t

o

p