විජේ ජනවාරි දෙවන සතියේ ශ්‍රී ලංකාවට

December 31, 2023

දමිළ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන තලපති විජේ (Thalapathy Vijay) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ චිත්‍රපට රූගත කිරීමක් සඳහා ජනවාරි මස දෙවන සතියේදී ජනප්‍රිය රංගන ශිල්පියා ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

Venkat Prabhu ගේ අධ්‍යක්ෂණයෙන් රූගත කෙරෙමින් පවතින තලපති 68 (Thalapathy 68) චිත්‍රපටයේ දර්ශන සඳහා ඔහු මෙලෙස පැමිණීමට නියමිත අතර මෙතෙක් එහි රූගත කිරීම් සිදු කර තිබුණේ හයිද්‍රාබාද් නගරය කේන්ද්‍ර කර ගනිමින්.

කෙසේවෙතත් නව වසර උදාව සැමරීම වෙනුවෙන් අදාළ දර්ශණ ලබා ගැනීම් තාවකාලිකව නතර කර දැමීමටයි මේවන විට තීරණය කර ඇත්තේ.

යළිත් ජනවාරි දෙවන සතියේ එහි රූගත කිරීම් ශ්‍රී ලංකාවේ සිට ආරම්භ කිරීමට අධ්‍යක්ෂවරයා සැලසුම් කර තිබේ.

t

o

p