ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින පින්කම් මාලාව අද සහ හෙට

ලේකහවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 138 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධාන කරන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ලේක්හවුස් මන්දිරයේදී අද (21) පැවැත්වේ. රාත්‍රී 9ට සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ආරම්භ වන අතර කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ සහ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ මහා සංඝරත්නය ඊට සහභාගි වෙති. පරිත්‍රාණ ධර්ම දේශනය සඳහා මහා සංඝරත්නය වැඩම කරවීමේ අභිමානවත් පෙරහර රාත්‍රී Read More

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසෙහි වැදගත්කම ගැන එ.ජ. රාජ්‍ය උප ලේකම්තුමිය අවධාරණය කරයි

ශ්‍රී ලංකා චාරිකාවක නිරත වූ ප්‍රථම මහජන රාජතාන්ත්‍රික කටයුතු සඳහා වන එ.ජ. රාජ්‍ය උප ලේකම්තුමිය වන ලිස් ඇලන් මහත්මිය, කොළඹ සිදුකළ ඓතිහාසික තෙදින චාරිකාවක් (පෙබරවාරි 17-19) නිම කළාය. එහිදී ඇය තරුණ නායකයින්, ව්‍යවසායකයින්, අන්තර්ගත නිර්මාපකයින්, සිවිල් සමාජය සහ මාධ්‍යවේදීන් හමු වෙමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාතත්වයට පත් කිරීම සඳහා සහ දීර්ඝ කාලීන සෞභාග්‍ය උදෙසා එක්සත් ජනපදයේ Read More

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කතානායකතුමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා අද (20) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. උක්ත පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පහත පරිදි වේ:- 3, 42, 53, සහ 70 යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ Read More

ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී වෙළෙ­ඳ­සල කොළඹ පෝට් සිටියේ අප්‍රේ­ල්වල

ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘ඩවු­න්ට­වුන් ඩියුටි ෆ්‍රී’ (තීරු­බදු රහිත) වෙළෙඳසල එළ­ඹෙන අප්‍රේල් මාසයේ දී කොළඹ වරාය නග­රයේ දී විවෘත කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර තිබේ. මෙම තීරු­බදු රහිත සාප්පුව ශ්‍රී ලාංකි­ක­යන්ට පම­ණක් නොව විදේ­ශි­ක­ය­න්ටද නවමු අත්දැ­කී­මක් එක්ක­රනු ඇතැයි වරාය නග­රය පරි­පා­ල­නය කරන Belt and Road Initiative Sri Lanka (BRISL) ප්‍රකාශ කරයි. පසු­ගිය 2023 වසරේ ඔක්තෝ­බර් මාසයේ Read More

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. මෙම සතිය සඳහා පාර්ලිමේන්තුව දින 03ක් රැස්වීමට නියමිත අතර අද දිනයේ දී සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් සංශෝධන, උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, සමාගම් සංශෝධන, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන යන පනත් කෙටුම්පත් දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ Read More

ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ ඊයේ (19) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ ලකුණු 72ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනලදි. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් ලබා ගන්නාලදි. Read More

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින 03කට සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ. ඒ අනුව හෙට (20) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි. එමෙන්ම ලබන 21 සහ 22 යන දිනවලදී ද පාර්ලිමේන්තුව රැස්වීමටයි තීරණය කර ඇත. කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පැවසුවේ එළඹෙන 23 වැනිදා Read More

කඳුකර ද්‍රවිඩ ජනතාවට ජනපතිගෙන් පොරොන්දුවක්

මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. කඳුකරය නියෝජනය කරන සියලු දේශපාලන නියෝජිතයන් එක්කර ගනිමින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අදාළ යෝජනා ඉදිරි මාසයේ දී ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව Read More

මහාචාර්ය චන්න ජයසුමන ට ජාත්‍යන්තර සම්මානයක්

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය මහාචාර්ය චන්න ජයසුමන මහතාට හිමිව තිබේ. ඒ මහතාට මෙම සම්මානය ලබා දී ඇත්තේ 2019 වසර වෙනුවෙනි. විවිධ පාර්ශ්ව වලින් එල්ල වූ අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය Read More

වැස්සෙන් ගොයම් පෙරළිලා ගිහින්

මහ කන්නය ආරම්භ වූ දා සිටම වැසි ලැබීම් හමුවේ කුඹුරු වගාවලට බරපතළ බලපෑම් ඇති වූ බවත් අස්වනු නෙළීම ආරම්භ කිරීමට ආසන්න සමයේ පවතින සිය ගොයම වැසි හේතුවෙන් පෙරළී ඇතැයි මාතලේ ගොවීහු මැසිවිලි නඟති. වැසි හේතුවෙන් අර්ධ හා පූර්ණ හානි සිදු වූ සිය කුඹුරුවල ඉතා අපහසුකම් මැද පීදීම් තත්ත්වයට පත්ව ඇති කුඹුරුවල ගොයම වැසි හේතුවෙන් පෙරළී Read More

t

o

p