නිරෝධායන නීති ගැසට්ටුව එයි

ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දූරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැලැඳීම ඇතුළු ප්‍රධාන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් සහිත නව නිරෝධායන නීති ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරිණි. මෙම ගැසට් නිවේදනයට සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ දහවල් අස්සන් තැබූ අතර අදාළ සෞඛ්‍ය නීති කඩ කරන පුද්ගලයන්ට මෙම ගැසට් නිවේදනය අනුව රුපියල් 10000කට නොවැඩි දඩ Read More

කොළඹ ප්‍රධාන පෙළේ ‘පෞද්ගලික බැංකුවක සේවකයෙක්ට’ කොරෝනා

කොළඹ, මරදාන ප්‍රදේශයේ ටි.බී.ජයා මාවතේ පිහිටි මෙම පෞද්ගලික බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ දකුණු ගොඩනැගිල්ලේ 19 වන තට්ටුවේ සේවයේ නියුතු අයෙකු මෙලෙස කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව එම කාර්යාලයේ සේවයේ නියුතු සියළු සේවක සේවිකාවන් ස්වයං නිරෝධායනට යොමු කොට ඇති බවත් ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් විෂබීජ හරණයට ලක් කිරිමට පියවර ගෙන ඇත.

සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසයි

2020 ඔක්තෝබර් 31වන දින තෙක් සියලු ම සිනමා ශාලා තාවකාලිකව වසා තැබීමට තීරණය කළ බව ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා පවසනවා. දැනට පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

නව දේශපාලන පක්ෂ 6ක් ලියාපදිංචියට

මෙම වසර සඳහා දේශපාලන පක්ෂ 06ක් ලියාපදිංචි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තිරණය කර තිබෙන බව වාර්තා වෙයි. අරුණළු ජනතා පෙරමුණ, ජනතා සේවක පක්ෂයෙ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාකස් ලෙනින්වාදී පක්ෂය සහ සමත්තුව කච්චි යන පක්ෂ ලියාපදිංචි කිරීමට තිරණය කර ඇති අතර ම්ට අමතරව පිවිතුරු හෙළ උරුමය සහ සිංහල රාවය ද ලියාපදිංචි කිරීමට තීරණය කර ඇති අතර සිංහල Read More

මිනුවන්ගොඩ පොකුර 1721ක් දක්වා ඉහළට

ඊයේ දිනයේදී  මිනුවන්ගොඩ පොකුරෙන් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු හඳුනා ගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1721 ක් බවයි. මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව මේ වන විට 5170 දක්වා ඉහළ ගියේ ය.

තද සුළං පිලිබද අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ රළු මුහුද පිලිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා. හම්බන්තොට , පොතුවිල් , පුත්තලම හරහා මන්නාරම , කන්කසන්තුරේ මුහුදු ප‍්‍රදේශ අවධානම් බවයි කාලගුණ විද්‍යා දෙපාතර්ම්න්තුව පෙන්වා දෙන්නේ. හෙට(16) උදෑසන දක්වා එම ප‍්‍රදේශවල ධීවර කටයුතු වල යෙදීම අවදානම්. පැයට කිලෝ මිටර 70 දක්වා තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව Read More

කටුනායකට පනවා ඇති ඇඳිරිනීතියෙන් උසස් පෙළ සිසුන්ට කිසිඳු බාධාවක් නැහැ

කටුනායක ප්‍රදේශයට පනවා ඇති ඇඳිරිනීතිය අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට කිසිඳු බාධාවක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31ට පෙර

පාසල් ළමුන්ගේ නිල ඇඳුම් රෙදි දෙසැම්බර් 31 වනදාට පෙර සියලු විදුහල්පතිවරුන්ට ලබා දීමට සැලසුම් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර නිල ඇඳුම් රෙදි බෙදා දීම රාජ්‍ය සමාගම් 4 ක් යටතේ සිදුවන බවයි. පාසල් ළමුන් සඳහා රෙදි මීටර් මිලියන 11000කට අධික ප්‍රමාණයක් බෙදා දීමට නියමිතව තිබේ.

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්ට මිලියන 12ක දඩයක්

මෙරට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් තිරෝස් හිල්යාස් අධිකරණය හමුවේ අද (14) වරද පිළි ගත්තා. ඒ අනුව රුපියල් මිලියන දොළහක දඩයක් ඔහුට නියම කිරීමටයි කොළඹ මහධිකරණ විනසුරු ධම්මික ගනේපොල මහතා අද (14) නියම කළේ. අදාළ දඩ මුදල ගෙවීමෙන් පසු විත්තිකාර කපිතාන්වරයා මුදා හරින ලෙසද විනිසුරුවරයා නියෝග කළා. විත්ති පාර්ශ්වය අද ඉදිරිපත් Read More

කටුනායක වෙළෙඳ කලාපයේ කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළට

කටුනායක වෙළෙඳ කලාපයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන 72ක් දක්වා ඉහළ ගොස් තිබේ. එම කලාපයෙන් පළමු ආසාදිතයා හමුවුයේ ඔක්තෝබර් 10 වැනිදාය.   අද හඳුනාගත් කාන්තාව අලුත්ගම ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර සිටියදී කළුතර මහ රෝහලේ දී සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

t

o

p