ශ්‍රී ලංකාවට න්‍යෂ්ටික බලාගාරයක්

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සදහා රුසියාව විසින් ගිවිසුමකට එළඹ ඇති බව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ජනිතා ලියනගේ සදහන් කරයි. රුසියානු Rosatom සමාගම සමග එම ගිවිසුමකට එළඹ ඇති බවත් බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරනු ඇතැයි විශ්වාස කරන බවද ජනිතා ලියනගේ සඳහන් කරයි. මෙම නව බලාගාරය හරහා මෙගා වොට් 300 ක විදුලි Read More

සහනාධාර අහිමිවූවන්ට දැනුම්දීමක්

සහනාධාර අහිමි වූ පුද්ගලයින්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක පවසයි. ජුලි මස පළමු වන දින සිට නව සහනධාර වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු පෙන්වා දෙයි. “සමෘද්ධිය දීර්ඝ කාලයක් පුරා තියෙන්නේ දුප්පත් ජනතාවගේ දුප්පත්කම නැති කරන්න. නමුත් ඒක සිද්ධවුණා ද? ඒක සිද්ධ වුණේ නෑ. Read More

ලොව විශාලතම වකුගඩු ආශ්‍රිත ගල ඉවත් කළ යුද හමුදා වෛද්‍ය කණ්ඩායමට ප්‍රශංසා පදක්කම්

වකුගඩු ආශ්‍රිත හටගත් ලොව විශාලතම සහ දිගම ගල ඉවත් කර ගිනස් වාර්තා අතරට එක්වූ කොළඹ යුද හමුදා රෝහලේ මෞත්‍ර ලිංගික පද්ධති අංශ ප්‍රධානි ලුතිනන් කර්නල් වෛද්‍ය කේ.සුතර්ෂන් ඇතුළු වෛද්‍ය කණ්ඩායමට “යුද්ධ හමුදාධිපති ප්‍රශංසා පදක්කම්” පිරිනමා තිබේ. ඒ, යුද හමුදා මූලස්ථානයේදීයි. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් එම පදක්කම් පිරිනැමූ බවයි ශ්‍රී ලංකා යුද හමුදාව Read More

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කරනවා – කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර

නවීන ලෝකයට නොගැලපෙන කම්කරු නීති වෙනස් කිරීමට කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ පැවති කම්කරු නීති සංශෝධනයට ඉදිරිපත්ව තිබෙන යෝජනා ජනගත කිරීම සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය. එහි දී, නව අදහස් ලබාගෙන Read More

අධ්‍යාපන හා ආගමික උපදේශක මණ්ඩලයක් පත් කෙරේ

අධ්‍යාපන හා ආගමික උපදේශක මණ්ඩලයක් පත් කිරීම සාරධර්ම වැඩිදියුණු කිරීම සඳහා බලධාරීන්ගේ නිර්දේශ මත පදනම්ව ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීමේ අරමුණින් සිදු කෙරුණි. එමෙන්ම පාසල් සිසුන්ගේ සහ පාසල් ප්‍රජාවගේ අධ්‍යාත්මික සංවර්ධනය ශක්තිමත් කිරීමේ අරමුණින් සාමාජිකයින් 128 දෙනෙකු සඳහා පත්වීම් ලිපි පසුගිය 01 වනදා අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ප්‍රදානය කරන ලදී. Read More

ඕස්ට්‍රේලියාවේ සිදු වූ බස් රථ අනතුරට හේතුව

ඕස්ට්‍රේලියාවේ බස් රථ අනතුරට හේතුව එහි රියදුරු අධික වේගයෙන් බසය ධාවන කිරීම බව හෙළිව තිබේ. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් මෙම බස් රථ අනතුර වාර්තා වූ අතර එහිදී පුද්ගලයන් 10 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 20 දෙනෙකුට තුවාල සිදු විය. මෙම අනතුරට මුහුණ දුන්නේ ග්‍රාමීය ප්‍රදේශයක ක්‍රීඩා සමාජයක් නියෝජනය කළ පිරිසකි. එම බස් රථයේ රියදුරු Read More

චීනයෙන් පියාඹන පීරිසියක්

ලොව ප්‍රථම විද්‍යුත් පියාඹන පීරිසිය චීනයේ ෂෙන්සෙන් නගරයේ සිය මංගල පියාසැරිය සාර්ථකව සිදු කළේය. “eVTOL” නම් මෙම පියාඹන පීරිසිය වසර තුනකට වැඩි කාලයක් තිස්සේ සිදුකළ උත්සාහයකින් අනතුරුව නිර්මාණය කර ඇත. මෙම පියාඹන පීරිසිය මිනිත්තු 15ක උපරිම කාලයක් සඳහා මීටර් 200ක් ඉහළට ගමන් කරවීමේ හැකියාව පවතින බවද සදහන් කරයි. චීනයේ Shenzhen UFO Science and Technology Co Read More

පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල පහළට

පාසල් දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ මිල අඩු කිරීමට සුදානම් බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සදහන් කරයි. ඉදිරි සති 2 තුළ තවදුරටත් පාසල් බෑග්, අභ්‍යාස පොත් හා පාවහන් මිල පහළ දැමීමට හැකි බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර සදහන් කරයි. අමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම Read More

හම්බන්තොට ගොවීන්ට වන්දි ලබා දේ

2022 යල කන්නයේ වගා හානි වූ වී ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය රුපියල් මිලියන 70 ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. මෙම වන්දි මුදල් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ලබා දීමේ වැඩසටහන පසුගියදා අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් හම්බන්තොට දී ආරම්භ විය. ඒ අනුව තිස්සමහාරාම හා වීරකැටිය ප්‍රදේශවල වගාහානි සිදු වූ Read More

කැලණි ගඟේ ජල මට්ටම ඉහළට

කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම හේතුවෙන් ගගට ජලය ගලා බසින ඇලමාර්ග අවහිර වී තිබේ. බියගම පොට්ටුන්න ඇල පිටාර ගැලීම නිසා පොට්ටුන්න හංදිය ජලයෙන් ජටවී ඇති අතර, බියගම මල්වත්ත පාර ජලයෙන් යටවී ඇත්තේ අඹහගහ හේන අසලින්. මේ නිසාවෙන් එම අතුරු මාර්ග වල රථවාහන ගමනාගමනයට බාදා එල්ලවී ඇත. කැලණි ගගේ ජලමට්ටම වැඩිවීම නිසා දිය නෑමේදීද ඉතා පරිස්සන් විය Read More

t

o

p