Local News

අසාද් සාලිගේ කාරයේ තිබි සොයාගත් පිස්තෝලය ගැන වෙනම විමර්ශනයක්

පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ අනුව අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාගේ වාහනයේ තිබි විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් හා උණ්ඩ කිහිපයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා ගෙන ඇත. එම ගිනි අවිය හා ඊට භාවිතා කරන උණ්ඩ සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. නිතිපතිවරයාගෙන් Read More

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් පුළුල් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සදහා ඒවායේ කටයුතු වඩාත් සංවාදශීලීව පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ. මේ අනුව නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී  ඒ පිළිබද මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් සමග වඩාත්  සංවාදශීලි හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධවීමට   මෙම උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකියාව ලැබෙනු ඇත. Read More

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ හා  අධිකරණ අමාත්‍ය  අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම අමාත්‍යාංශවල ඒකාබද්ධ උපදේශක කාරක සභා විශේෂ රැස්වීමේදී මෙම අනු කාරක සභාව පත්කිරීම සිදුවිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ Read More

යළි සංචරණ සීමා පනවන්න යයි

ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ අවශ්‍ය වුවහොත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. පසුගිය නත්තල් උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය ඉහළයෑම මගින් එවැනි කලසීමාවන් තුළ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසිපරිදි පිළිනොපදින බවට තහවුරු වූ බව යුද හමුදාපතිවරයා පැවසීය. හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට Read More

පළාත් සභා ඡන්දය ගැන ඉගියක්

පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින්ගෙ එකඟතාවය පළවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි. මාධ්‍යවේදියකු විසින් ‘පළාත් සභා මැතිවරණය පැවැත්වීම කඩිනම් කරනු ලබන්නේ ඉන්දියානු රජයේ බලපෑම මත ද’ යනුවෙන් කරන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කලේය. පසුගිය කාලයේ දී සිදු කළ වැඩවල අඩු-පාඩු නිවැරදි Read More

දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය හේතුවෙන් රු.බිලියන ගණනක බදු අයකරගැනීම ප්‍රමාදයි – කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

හිග බදු අයගරගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල් යාම නිසා වසර ගණනාවකට අදාළ රු. බිලියන ගණනක විශාල හිග බදු  මුදලක් මේවන විට අයකරගත නොහැකිව පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. බදුගෙවීම් පැහැරහරින්නන් විසින්  අධිකරණ ක්‍රියාවලියේ ප්‍රමාදයන් තම ගෙවීම් ප්‍රමාද කිරීම සදහා  සිය  වාසියට යොදා ගන්නා බව Read More

මත්ද්‍රව්‍ය වරදට අත්අඩංගුවට ගත් තැනැත්තා අන්තවාදී සංවිධානයකට මුදල් දීලා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මත්ද්‍රව්‍ය වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ගැන කළ විමර්ශනයේදි ඔහුගේ ගිණුමකට ඩුබායි රාජ්‍යයේ සිට ලද විශාල මුදලක් අන්තවාදය ප්‍රවර්ධනය කරන සංවිධානයකට බැර කර ඇති බවට හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව ඔහු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පෑලියගොඩ පොලීසියෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට මාරු කළ බවද ඔහු සදහන් කළේය. මීට මාස Read More

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකු ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් ආරක්ෂා කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ, ප්‍රහාරයට සම්බන්ධ සමහර දේශපාලනඥයින්ගේ නම් ඇතුළත්ව නැතැයි පසුගිය දිනක මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා එම අදහස් පළ කර සිටියා. “කොමිෂන් සභා වාර්තාව පාස්කු ඉරිදා. Read More

වැලි බලපත්‍ර ගන්න දේශපාලන හිතවතුන් පොරයක

දේශපාලනඥයන්ගේ හිතවත්තු 765 දෙනකුට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. කිසිම දේශපාලනඥයකුගේ ඉල්ලීමකට වැලි කැණීම් බලපත්‍ර ලබා නොදෙන ලෙසට පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. නමුත් විවිධ අයථා මාර්ග ඔස්සේ මෙම බලපත්‍ර ලබා ගැනීමට ඇතැම් අය උත්සාහ දරමින් සිටින බව Read More

ජාතික කොඩිය සහිත වෙළෙඳ දැන්වීම වෙබ් අඩවියෙන් ඉවතට

ශ්‍රී ලංකා ජාතික ධජය සහිත පාපිස්නා සහ පාවහන් වෙළෙඳ දැන්වීම් amazon වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ. බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. නිවේදනය උපුටා ගැනීම චීනයේ නිෂ්පාදිත “නොලිස්සන පාපිස්ස” මත ශ්‍රී ලංකා ධජයේ රූපය අනිසි ලෙස භාවිතා කිරීම පිළිබඳව බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන ගැනීමට ලැබී ඇත. Read More

t

o

p