Local News

විමල්ට එරෙහිව රිෂාඩ්ගෙන් CIDයට පැමිණිල්ලක්

අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් 2021 මාර්තු 09 දින සිදුකළ  සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සමස්ත ලංකා මහජන කොන්ග්‍රස් පක්ෂ නායක රිෂාඩ් බතියුදීන් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් භාරදෙන ලදී. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් සමග තමන්ගේ සහෝදරයා දුරකථනයෙන් Read More

බුර්කාව සහ මද්‍රසා පාසැල් කඩිනමින් තහනම් කිරීමට කටයුතු කරනවා. – සරත් වීර‍සේකර

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළු පුද්ගලයන්ට දඩුවම් දෙන අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස හදුනාගෙන ඇති බුර්කාව පැළැදීම හා මද්‍රසා පාසල් තහනම් කිරිමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් පාස්කු Read More

රන්ජන්ගේ මන්ත්‍රීධූරය ගැන පාර්ලිමේන්තු තීන්දුව අභියාචනාධිකරණ තීන්දුවෙන් පසුවයි – කතානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සම්බන්ධයෙන් රන්ජන් රාමනායක අභියචනාධිකරණයෙන් කර ඇති ඉල්ලීමට අදාළ තීන්දුව ලද පසු ඔහුගේ මන්ත්‍රීධූරය ගැන තීන්දුවක් ගත හැකි බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවට කැදවන ලෙසත් මන්ත්‍රීධූරය රකින ලෙසත් කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව කීය. විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ Read More

රාජ්‍ය මූල්‍ය අධික්ෂණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලය ඇතැම් අවස්ථාවල දී අභියෝගයට ලක් වෙලා – කෝප් සභාපති

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව වැනි සැසි වාරයේ පළමු වැනි වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චරිත හේරත් මහතා විසින් අද(10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී අදහස් දැක්වූ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා අවධාරණය කළේ වර්තමානය වන විට රාජ්‍ය මූල්‍ය පරිපාලනය අධික්ෂණය කිරීම සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුව සතු බලය Read More

සංවර්ධන වැඩවලට ගන්නා ණය එම ව්‍යාපෘතියෙන්ම පියවන්න – අගමැති

සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ලබාගැනීමේ දී අදාළ ව්‍යාපෘතිය මඟින්ම ණය ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දෙයි. විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශ ණය ලබා ගැනීමේ දී එම ණය පියවීමට ඇති හැකියාව සොයා බැලීම අනිවාර්ය කරුණක් බව පෙන්වාදෙන අගමැතිවරයා අදාළ ව්‍යාපෘතිවල ආදායම තුළින්ම එම ණය පියවීමට ඇති හැකියාව සොයා Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය කරන්නේ මුදලාලිලා 25ක් නම් ආණ්ඩුවකින් වැඩක් නෑ

රටේ භාණ්ඩ මිල පාලනය කරන අතරමැදියන්ගේ මාෆියාව බිඳ හෙළිය යුතුම බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි. මුලදී සහල් සම්බන්ධයෙන් පමණක් පැවති අතරමැදියන්ගේ මැදිහත්වීම මේ වනවිට උඳු, මුංඇට, කව්පි, කඩල වැනි බෝග වෙතත් ව්‍යාප්ත වී ඇති බවත් ඔවුන් තොග මිලදීගෙන විශාල ලාභයක් තබාගෙන වෙළඳපොලට නිකුත් කරන නිසා පාරිභෝගිකයාට බරපතළ අසාධාරණයක් සිදුවන බවත් ඒ මහතා Read More

සීනි බදු වංචාව කෝටි 15,900ක්

ආන්දෝලනාත්මක ගැසට් නිවේදනයක් මගින් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින් අනාවරණය වුණා. 2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් Read More

මධුර විතානගේට බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර.

ආණ්ඩු පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අද (04) බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක්  නිල වශයෙන් ලබා ගත්  අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස සනිටුහන් වනු ඇත. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු Read More

බස්නාහිර පළාතේ පාසල් කොටස් දෙකකට විවෘත වේ

බස්නාහිර පළාතේ පාසල් ශ්‍රේණි 3 ක් වෙනුවෙන් ලබන මාර්තු 15 දා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් මහතා ප්‍රකාශ කරයි. ඉතිරි සියළු ශ්‍රේණි සදහා අප්‍රේල් මස නිවාඩුවෙන් පසු අප්‍රේල් 19 වන සදුදා සිට බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන බව ද අමාත්‍යරවාය සදහන් කරයි. ලබන 15 දා සිට බස්නාහිර පළාතේ පාසල් හි 5 වන Read More

හිස සුන් තරුණියගේ ඩි.එන්.ඒ සාම්පල හා ඇගේ මවගේ මෙන්ම සොහොයුරාගේ සාම්පල ගැලපෙයි

පිටකොටුව, වේල්ල වීදිය ප්‍රදේශයෙන් සොයා ගැනුණු “හිස රහිත තරුණියගේ“මළ සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) පවත්වා තිබේ. මළ සිරුර කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි තරුණියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වීමත් සමග මෙලෙස පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව ඝාතනයට ලක්වු තරුණිය Read More

t

o

p