Local News

පාර හදා දෙන්නැයි ගම්මු පාරට බසිති

අබලන්ව ඇති හොරණ – වගවත්ත මාර්ගය සංවර්ධනය කර දෙන ලෙස ඉල්ලා මාර්ගය හරහා ලී කොට යොදා හරස් කරමින් පසුගියදා උදෑසන වගවත්ත ප්‍රදේශවාසීහු උද්ඝෝෂණයක නිරත වූහ. හොරණ ආයෝජන මණ්ඩලයේ කර්මාන්තපුරයට හා තවත් ගම් කිහිපයකට ගමන් කරනා ප්‍රධාන මාර්ගය මෙය වන අතර මේ හේතුවෙන් කර්මාන්තශාලාවල සේවයට පැමිණි සේවකයන් 500කට ආසන්න පිරිසක් සහ වාහන විශාල ප්‍රමාණයක් ගමන් කළ Read More

සහල් මිල වැඩිවෙයි

පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් ලබා දෙන බව කියූ මිලට නාඩු, සම්බා සහ කීරි සම්බා වෙළෙඳ පොළට නොලැබෙන බව තොග වෙළෙන්දෝ පවසති. සහල් පාලන මිල ඉවත් කිරීමත් සමගම මහා පරිමාණ වී මෝල් හිමියන් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ නාඩු සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 115කටද, සම්බා සහල් කිලෝ ග්‍රෑමයක් රුපියල් 140කටද, කීරි සම්බා සහල් කිලෝ Read More

රතන හිමිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරයි

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒ බව පක්ෂ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම් සභාවට දැනුම් දී ඇති බව සඳහන්. කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ නිතීඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ, ඊයේ දිනයේදී කොමිසම් සභාවට මේ බව දැනුම් දුන් බවයි.

කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා

කිරි පිටි, ගෑස්, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය සමාගම් වෙත පවරා දෙමින් අහස උසට මිල වැඩිකිරීමට ඉඩ දී කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය කිරීමට භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට Read More

තවත් සීනි සහ සැමන් වංචාවක්

මෙරටට ආනයනය කරනු ලබන සීනි සහ සැමන් සඳහා ප්‍රමිති ආයතනයේ ලියාපදිංචිවී අනුකූලතා සහතිකය ලබා ගැනීම අනිවාර්ය වුව ද, එම කොන්දේසිය සපුරාම බිඳ දමා ඇති බව අනාවරණය වේ. දුඹුරු සීනි ආනයනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන 72ක් අදාළ අනුකූලතා සහතික ලබාගෙන නොතිබිණි. 2019 ජනවාරි සිට 2021 ජූනි දක්වා මොවුන් අවස්ථා 942දී සීනි ගෙන්වා තිබූ අතර එයින් පරීක්ෂාවට Read More

වැටුප් අර්බුදය උග්‍රවන ලකුණු

ගුරු වැටුප් අරගලය මූලික කර ගනිමින්, මෙරට වැටුප් ප්‍රතිපත්තිය පෞද්ගලික දේපලක් වීමට ඉඩ තැබිය නොහැකි බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අවධාරණය කරනවා. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උපදෙස් අනූව ජාතික වැටුප් කොමිසමට රාජ්‍ය සේවයේ වැටුප් පිළිබඳ තීරණය කල නොහැකි බවයි ඔවුන් අවධාරණය කළේ.

සජබයේ ඔප්පුව මගේ ළඟයි

සමඟි ජන බලවේගයේ මහ ලේකම්වරයා විසින් තමන් පක්ෂයෙන් නෙරපා හරින බවට ප්‍රකාශ කළද පක්ෂයේ ඔප්පුව ඇත්තේ තමන් සතුව බව මහ ලේකම්වරයාට‍ තමන් සිහිපත් කරන බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය පවා දැනුම්වත් නොකර මේ තීරණය ගෙන ඇති බවත් මේ සම්බන්ධයෙන් දැන ගත්තේ මාධ්‍ය තමන්ගෙන් කළ Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ. සෙසු ප්‍රදේශවල සවස් Read More

අනිල් ජාසිංහට ජාත්‍යන්තරයෙන් තනතුරක්

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එක්සත් ජාතින්ගේ සංවිධානයේ තනතුරක් හිමිව තිබෙනවා. ඒ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරයයි. මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සභාපතිධුරයට පත් Read More

තවත් පැනඩෝරා පත‍්‍රිකා තොගයක්

පැනඩෝරා පත‍්‍රිකා මගින් සැඟවුණු ධනය ඇති පුද්ගලයන් තවත් හෙළි වීමට නියමිත බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. වාර්තා වන තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයන් හැට පස් දෙනකුගේ පමණ නම් එළිදරව් වීමට නියමිත බවද මන්ත්‍රීවරයා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.

t

o

p