Local News

සිමෙන්ති රුපියල් 500 කින් ඉහළ දමයි

දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල අද(26) දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

අරලියගහ මැදුර අසල මල්වඩම් හා සුදු කොඩි

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ඉදිරිපිටට අද අවමංගල්‍ය පෙරහැරකින් පැමිණි විරෝධතා කරුවන් පිරිසක් එහි ඇතුළුවීමේ දොරටුවේ සහ තාප්පයේ රුධිර පැල්ලම් සිහිපත් කරන රතු තීන්ත සහිත සුදු කොඩි ඔසවා විරෝධතාවක් පැවැත්වූහ. එමෙන් ම රැගෙන ආ මල්වඩම් රැසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට තැබූ ඔවුහු සාමකාමී උද්ඝෝෂණයක නිරතවූහ. එම ස්ථානයේ පොලිස් නිලධාරීන් රැසක් සිටිය ද ඔවුන් Read More

සම්බා සහල් හිඟයක් ?

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වෙළඳපොලේ දේශීය සම්බා සහල්වල හිඟයක් පවතින බවට වාර්තා වනවා. පාරිභෝගිකයන් සඳහන් කළේ දේශීය සම්බා සහල් කිලෝවක මිලද රුපියල් 280 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි.

අසත්‍ය ප්‍රකාශ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය. කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීම රිවර්ස් වෙයි

ඊයේ (22)මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවත් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගැස් මිල වැඩි කිරීමට රජයේ අනුමැතිය නොලැබීම හේතුවෙන් මිල ඉහළ දැමීම රිවර්ස් කල බවයි. ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් දැනුම් දීමට නියමිත බවයි ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ.

විවාහ උත්සව ශාලා ගාස්තු 40 % කින් ඉහළට

විවාහ උත්සව ශාලා ගාස්තු 40%කින් ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ වගේම පසුගිය කාලයේ දැනට තිබෙන ඇණවුම් සදහා 20%ක් මිල වැඩි කිරීමට මෙය මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කළා බව පවසයි.

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට

ඉන්ධන මිලට සාපේක්ෂව ගොඩනැගිලි ද්‍රව්‍ය ඉහළ යාම හමුවේ මෙරට ඉදිකිරීම්වලින් 75% ක් පමණ ඇණහිට ඇතැයි ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි. එහි උප සභාපති එම්.ඩී.පෝල් මහතා පැවසුවේ, වැලි කියුබ් එකක මිල පමණක් මේ වනවිට රුපියල් 8,000කින් ඉහළ ගොස් ඇති බවයි. කිලෝ 50 සිමෙන්ති මිටියක් මේ දිනවල වෙලදපොලේ රු 2300 – 2350 මිලකට අලෙවි කරන අතර ,නව Read More

අර්බුදය විසඳීමට ශ්‍රී ලංකාව සමඟ සාමූහික ක්‍රියාමාර්ගයක

අන්තර් ජාතික මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය, ආර්ථික අර්බුදය විසඳීම සඳහා සාමූහික ක්‍රියාමාර්ගයක නිරත වෙමින් සිටින බව IMF ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි. ආර්ථික අභියෝග සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීමත්, ඒ සඳහා සැලසුම් සකස් කිරීමත් දෙපාර්ශවය අතර සාකච්ජාවලදී අවධානයට ලක්වූ මූලික කාරණය බව, IMF කළමනාකාර අධ්‍යක්‍ෂවරිය පැවසුවාය. මුදල් අමාත්‍ය අලි සබ්රි Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදය කාලයේදී ද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌව, උතුරු- මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වලද, මි.මී. 50 ට Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගම යළිත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වත්මන් කාර්ය සාධනය පිළිබඳ කරුණු විමසීම සඳහා එම සමාගම කෝප් කමිටුව වෙත කැඳවා ඇති බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම එළඹෙන 25වැනිදා පෙරවරු 10.00ට කොප් කමිටුව හමුවට කැඳවා තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ගුවන්යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල Read More

t

o

p