Special News

බදු නොගෙවූ මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසියි

රජයට ගෙවීමට නියමිත බදු නිසි පරිදි නොගෙවීම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කර තිබේ W.M. මෙන්ඩිස්, වයඹ, සිනර්ජි, රන්දෙණිගල සහ ෆින්ලන්ඩ් යන සමාගම්වල බලපත්‍ර මෙලෙස අත්හිටුවා ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ.

පනත් කෙටුම්පත් 02ක් කථානායක සහතික කරයි

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් කෙටුම්පත් 02කට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (01) සිය සහතිකය සටහන් කළේය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ (ආචාර්ය) විජේදාස රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය ප්‍රදානය කිරීමේ පනත් කෙටුම්පත සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ. මෙම පනත් කොටුම්පත 2023 Read More

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝර්ජියානු කථානායකවරයා අතර සුහද හමුවක්

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ජෝරිජියානු පාර්ලිමේන්තුවේ කථානායක ශල්වා පැපුවාශ්විලි (Shalva Papuashvili) මහතා අතර සුහද හමුවක් පැවැතිවිණි. ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වන අතරතුරදී මෙම හමුව පැවැත්විණි. දෙරට අතර ද්වී පාර්ෂවීය සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් කථානායකවරු අතර අදහස් හුවමාරු විය.

උඩවලව ගඟ දෙපස පහත්බිම්වල ජනතාව විමසිල්ලිමත් වන්න

අධික වැසි සහිත තත්ත්වයත් සමඟ මේ වනවිට උඩවලව ජලාශය පිරී යමින් පවතියි. මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ උඩවලව ජලාශය වාන් දැමීම ආරම්භ කරනු ඇති බවයි මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ ඒකකයේ උසස් නිලධාරියෙක් කියා සිටියි. ඒ, අනුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇති බවත්, උඩවලව ජලාශයෙන් පහළ වලවේ ගඟ දෙපස පහත්බිම්වල ජනතාව මේ සම්බන්ධයෙන් Read More

දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරු බල ප්‍රදේශය තුල ස්ථාපිත කර ඇති මිටියාගොඩ උප කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පි.පි.කේ. කුලරත්න මහතාගේ අධික්ෂණයෙන් Read More

2024 අයවැය ඉදිරිපත් කිරීම නොවැම්බර් 13

2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සදුදා ප.ව 12.00 ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව ද මහලේකම්වරිය පැවසීය. 2023 ඔක්තෝබර් මස 19 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළවී Read More

ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩ පිළිවෙලක් අවශ්‍යයි

ශ්‍රී ලංකවේ ජාතික උරුමයන් සුරැකීම උදෙසා කඩිනමින් ක්‍රියාත්මක වීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බව මහා සංඝරත්නය ඇතුළු පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ ස්වෙච්ජා සංවිධානවල ප්‍රධානීන් ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදය හමුවේ කියා සිටියි. පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙරට ජාතික උරුමයන් සුරැකීම වෙනුවෙන් සැකසූ වාර්තා යටපත් කර ඇති බවට මෙම සාකච්ඡාවට එක්වෙමින් Read More

2022 විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව පිළිගැන්වෙයි

2022 වර්ෂයේ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික වාර්තාව සහ ජාතික විගණන කාර්යාලයේ 2024 වර්ෂය සඳහා වූ වාර්ෂික කාර්ය වැඩසටහන විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට පිළිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී සිදු විය. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල, අධිකාරී, ව්‍යවස්ථාපිත අරමුදල්, ව්‍යවස්ථාපිත නොවන අරමුදල්, විදෙස් ආධාර ව්‍යාපෘති, පළාත් සභා, පළාත් පාලන Read More

දූෂණ කළ සේවකයන් සදහා ක්‍රියාමාර්ග නොගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රයටම අගෞරවයක්

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණනයෙන් හෙළි වූ කරුණු අනුව දූෂණ වංචා සිදු කළ සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව විමර්ශන කටයුතු කඩිනමින් නිසි පරිදි සිදු නොවීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මගින් පත්කළ අනුකමිටුවේ දැඩි අප්‍රසාදය පළ විය. තවදුරටත් මෙම ක්ෂේත්‍රයේ දූෂණ අක්‍රමිකතා සිදුවීමට එය අනුබලදීමක් බවත් කිහිපදෙනෙකුගේ ක්‍රියාවන් නිසා Read More

පෙට්‍රල් මිල ඊයේ(31) මැදියම් රැයේ සිට පහළට

ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 9කින් පහළ දමා ඇත. ඒ අනුව 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 356කි. මේ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කික් ඉහළ දමා ඇත. ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින්, සුපිරි ඩීසල් Read More

t

o

p