Special News

ඡන්ද ආකෘති පත්‍ර දෙන්න මැතිවරණ කොමිසම තවත් කල් දෙයි

2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කර භාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් ඒ සදහා කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

D.I.G සදුන්ගහවත්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරයි

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සදුන්ගහවත්ත මහතාගෙන් පොලිස් විශේෂ විමර්ශන එ්කකය අද (18) පෙරවරුවේ දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කළේය.

ශ්‍රීලනිප ආසන සහ දිස්ත්‍රික් නව සංවිධායකවරුන් මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආසන සංවිධායකවරු හා දිස්ත්‍රික් සංවිධායකවරු 40 දෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ. නව ආසන සංවිධායකවරු :- කැස්බෑව ආසනය :- ගාමිණී ලොකුගේ සහ චන්දන කත්‍රිආරච්චි සංවිධායක ධුරයන් අවලංගු කර – චන්දන කත්‍රිආරච්චි මහතාට ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරය පිරිනැමීම. මීරිගම ආසනය :- කෝකිලා ගුණවර්ධන සහ සංජය සිරිවර්ධනගේ සම සංවිධායක Read More

චීන සංචාරය නිමවා අගමැති යළි දිවයිනට

චීන සංචාරය නිමවා අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (17දා) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා. අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් මව්බිමට කෙටි හා දීර්ඝකාලීන වාසි රැසක් අත්වුණා. ආර්ථික සංවර්ධනය සඳහා පාදක වන කේන්ද්‍රීය ස්ථාන ගණනාවක් අග්‍රාමාත්‍යවරයා චීන සංචාරයේදී නිරීක්‍ෂණය කළා.

ශ්‍රීලනිප ඇරයුම මහින්ද රාජපක්ෂ සතුටින් බාර ගනී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සහභාගී වන ලෙස ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු ඇමති ජෝන් සෙනවිරත්න මහතා පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අඟහරුවාදා රාත්‍රියේ මිරිහානේ නිවසට ගොස් ආරාධනා පත්‍රය බාර දී ඇත. කුරුණෑගල දී සැප්තැම්බර් 4 වැනි දා පැවැත්වෙන සමුළුවට සහභාගී වීමට බලාපොරොත්තු වන බවත් ඇරයුම සතුටින් බාරගත් බවත් ජ්‍යෙෂ්ඨ උපසභාපති කම්කරු Read More

රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළට

මාස 6ක් තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 100කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අනුව දේශිය බදු ආදායම 22%කින්, සුරා බදු ආදායම 22%කින් සහ රේගු බදු ආදායම 40%කින් වැඩි වී තිබෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක්

ටෙස්ට් ක්‍රිකට් පිටියේ මේ වන විට අංක එක ස්ථානයේ පසුවෙන කණ්ඩායම වන ඔස්ට්‍රේලියා පරදා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක් (Whitewash – ටෙස්ට් තරගාවලියක සියලුම තරගවලදී ප්‍රතිවාදීන් දවා ලබාගන්නා තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පොලීසිය හැර ගිය අය යළි සේවයේ පිහිටුවිමට තීරණයවේ

දේශපාලන බලපෑම් මත යැයි සදහන් කරමින් පොලිස් සේවය අතහැර ඕස්ටේ‍්‍රලියාවට පලාගොස් ආණ්ඩු පෙරලියෙන් පසු මෙරටට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී ප‍්‍රිශාන්ත ජයතොඩි මහතාව නැවත සේවයේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි නීතිය , සාමය හා දක්‍ෂිණ සංවර්න අමාත්‍යාංශයේ තොරතුරු අනාවරණය කළේය.

ආර්ථික දියුණුවට චයිනා මර්චන්ට් සමාගමෙන් ලංකාවට අතහිත

මහනගර සහ වරාය ඉදිකිරීම් සම්බන්ධව තමන් සතු අත්දැකීම් හා නිපුණත්වය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දීමට සූදානමින් සිටින බව චයිනා මර්චන්ට් සමාගමේ සභාපති ලි ජියැන්හොං මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික අභිලාෂයන් ඉතා වැදගත් බව පෙන්වා දුන් ලි ජියැන්හොං මහතා අනාදිමත් කාලයක සිට පැවත එන ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය වෙනුවෙන් සහ සම්මුතිවාදී නව රජයේ ආර්ථික Read More

t

o

p