Sports

කැරිබියන් ශූරතාව සංගාගේ තලවාස් කණ්ඩායමට

බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලදී පැවැති ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි අදියරේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන ක්‍රිස් ගේල්ගේ නායකත්වයෙන් යුතු ජැමෙයිකා තලවාස් කණ්ඩායම සමත්විය.

ඔලිම්පික් බිමේ ලංකාව එක්වන පළමු තරගය

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරග ඉසව්ව අද (07) පැවැත්වෙනවා. ඊට සහභාගි වන්නේ කිමිකෝ රහීම්. මීටර් 100 පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරගයකටයි ඇය මෙලෙස අද එක්වන්නේ. එම පිහිනුම් ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් රාතී‍්‍ර 09.35ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කිමිකෝ රහීම් මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළලේ ශී‍්‍ර ලංකාව නියෝජනය Read More

ඔස්ට්‍රේලියාව පරදා ටෙස්ට් තරඟාවලිය ජය ගනි

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1 කණ්ඩායම පරාජයට පත් කරමින් වෝන් – මුරලි ටෙස්ට් තරඟාවලිය ජයග්‍රහණය කිරීමට ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ ගාල්ලේදී පැවැති ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය ලකුණු 229කින් ජය ගැනීමත් සමගය. ඔස්ට්‍රේලියාවට එරෙහිව 1999දී ශ්‍රී ලංකාව ලද ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයෙන් පසුව වසර 17ට පසුව දෙවන වතාවට Read More

ඔස්ට්‍රේලියාවට ලකුණු 413 ක ඉලක්කයක්

සංචාරක ඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු  237 කට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් විය. ඔස්ට්‍රේලියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 412 ක ඉලක්කයක් ලබා දීමට ශ්‍රී ලංකාවට හැකි විය.

හේරත්ගේ කඩුලු ත්‍රිත්වය

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී තේ පාලනය සඳහා තරගය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයකට ලකුණු 143ක් රැස්කරගෙන සිටියි. ඩිල්රුවන් පෙරේරා හා ධනංජයද සිල්වා නොදැවී පිටියේ රැඳී සිටිති.   ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු 281ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම Read More

ඔලිම්පික් උළෙලට සුදානම් වන බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නුවර

31 ඔලිම්පික් උළෙල බ්‍රසිල් ජාතිකයන්ට පමණක් නොව දකුණු ඇමෙරිකානු සියළුම රටවල් වලට එය වැදගත් උත්සවයකි.  වසර 120 කට පසුව දකුණු ඇමෙරිකානු රටකට ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට වරම් හිමිව ඇත. විශාලත්වය අතින් ලොව පස්වන ස්ථානයෙහි පසුවන බ්‍රසීලය ලංකාව මෙන් 130 ගුණයකින් පමණ විශාලය. සීනි , කෝපි වැනි කෘෂිකාර්මික බෝග වලට ලොව අංක 1 ස්ථානයක් හිමිකරගැනීමට බ්‍රසීලය සමත්ව Read More

ලංකාව 281යි

ගාල්ලේදී අද ආරම්භ වූ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේදී පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 281ට සීමා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් යළිත් සාර්ථක පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් ලකුණු 86ක් ලබාගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක්, කුසල් ජනිත් ලකුණු 49ක්, ධනංජය ද සිල්වා ලකුණු 37ක් වශයෙන් වැඩිම ලකුණු ලාභිහූ බවට පත්වූහ. මිචෙල් Read More

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම බ්‍රසීලය බලා පිටත්ව යයි

බ්‍රසීලයේ රියෝද ජැනැයිරෝහිදී පැවැත් වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යයි. 9 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙනු ලබන්නේ මැරතන් ඉසව්වෙන් තුන් වැනි වරට ඔලිම්පික් වරම් දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ විසිනි.

ජනපතිගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ පැතුම්

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මහතා  (30දා) පස්වරුවේ දුරකථනයෙන් ඇමතූ ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පළ කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් Read More

පළමු ටෙස්ට් තරඟයේ ජය ලංකාවට

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරඟය ලකුණු 106කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ‍ටික වේලාවකට පෙර සමත් විය. මෙම තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව ලකුණු 117ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 203ක් ලබාගත්තේය. නැවත පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 353ක් ලබාගත් අතර එහිදී කුසල් මෙන්ඩිස් Read More

t

o

p