තණමල්විල නිවසකින් ගංජා කිලෝ 31 ක් අත්අඩංගුවට

තණමල්විල, කිතුල්කොටේ ප්‍රදේශයේ නිවසක අලෙවි කිරීමට සූදානම් කර තිබූ දේශීය ගංජා කිලෝ 30 ක් සහ කේරළ ගංජා කිලෝ 01 ක ප්‍රමාණයක් ඌව කුඩා ඔය, පරාක්‍රමපුර ප්‍රදේශයේ වයස අවු 48 ක පුද්ගලයෙකු සමගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ජනවාරි 25 දින ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය හා කතරගම පොලීසිය සමග ඒකාබද්ධව සිදු කරන ලද වැටලීමකදීය. අතුඅඩංගුවට Read More

නුවර – කොළඹ මාර්ගයේ ගමනාගමනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

නිට්ටඹුව ශ්‍රී විජයරාම විහාරස්ථානයේ දුරුතු නද මහ පෙරහැර හේතුවෙන් නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය දැනුම්දෙයි. හෙට (27) රාත්‍රී 7 සිට රාත්‍රී 8.30 දක්වා පෙරහැර පැවැත්වීමට නියමිතය. පෙරහැර නිට්ටඹුව මල්වත්ත ශ්‍රී බෝධි විහාරයේ සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව මංසන්ධිය දක්වා ගමන් කර දකුණට හැරී අත්නගල්ල මාර්ගයේ ගමන් කර Read More

ජනපතිගෙන් සියලු පක්ෂවලට යෝජනාවක්

මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ “පොරොන්දු දේශපාලනය” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය. ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසය.

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි කිරුළු දරයි

2023 වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු නම්කර තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින්. පසුගිය වසරේදී එක්දින පිටියේ ඇය දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගිනිමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙයි. ඒ අනුව 2023 වසරේදී එක්දින තරග 08කට සහභාගී වී ලකුණු 415ක් රැස් කර ගැනීමට ඇය සමත් වී තිබේ.

පුහුණුකරුවෙක් නැති නිසා වැසී යන වඩු පාසල

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එකම වඩු පාසල පිහිටුවන්නේ ඇලහැර සියඹලාව ප්‍රදේශයේයි. වසර දෙකක් තිස්සේ වඩු කාර්මික පුහුණුකරුවෙකු අනියුක්ත නොවුණු මෙම වඩු පාසල අද වන විට වැසී ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම වඩු පාසල 1980 වර්ෂයේදී උතුරු මැද පළාත් සභාව මඟින් වඩු කාර්මිකයන් පුහුණු කිරීමේ සහ සහතික පත් ලබා දීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ කෙරුණි. 2022 වර්ෂයේදී මෙය Read More

දැන් තියෙන්නේ ආර්ථිකයක් ගොඩ ගන්නකොට ඇතිවෙන ප්‍රශ්න – ජනපති

බංකොලොත් වූ මෙරට ආර්ථිකය කෙටි කලකින් නැවත යථා තත්ත්වයට පත්වීම සම්බන්ධයෙන් විදෙස් නායකයින් පවා විමතියට පත්වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සපුගස්කන්ද අබේසේකරාරාමයේ රන්වැට විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,‍‍ “මම ඒ ආණ්ඩුව භාර ගත්තේ… එදා ඒ ආර්ථික කැඩිලා තිබුණේ . ඒ ආර්ථිකය Read More

විදුහල්පති ගැටලු‍වලට විසඳුම් 

විදුහල්පති සේවයේ මෙතෙක් නොවිසඳී පැවැති ගැටලු‍ විසඳීමට සහ එම සේවාවේ වෘත්තීය ස්වභාවය උසස්කොට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ගැළපෙන ලෙස සංවර්ධනය කිරීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදෙන ලදී. මෙම වාර්තාවෙහි ප්‍රධාන කරුණු හයක් ඔස්සේ ගැටළු අධ්‍යයනය හා අදාළ නිර්දේශ ඉදිරිපත් කර ඇත. විදුහල්පති සේවාව පිළිගත් වෘත්තීයක් ලෙස දියුණු Read More

අර්බුදයට හේතුව මහ බැංකු අධිපති හෙළිකරයි

රට ආර්ථික අර්බුදයකට ලක් වූයේ අවශ්‍ය අවස්ථාවේදී නිවැරදි උපදෙස් පාලකයන්ට ලබානොදීම හේතුවෙන් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. රට බංකොළොත්භාවයට පත්වීමට හේතු සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. සාගර කාරියවසම් – අපි දන්නවා කොවිඩ් කාලයේ රට වහලා තිබුණාම ආයෝජන එන්නේ නැහැ කියලා ? Read More

ප්‍රථම වතාවට කුරුඳු වගාකරුවන් සඳහා GI සහතික නිකුත් කෙරේ

ලංකා කුරුඳු ඉහළ වටිනාකමක් ඇති වෙළඳපොළ වෙත අපනයනය සදහා ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව මෙරට ඉතිහාසයේ පළමු වරට කුරුඳු වගාකරුවන් සඳහා ආරක්ෂිත භූගෝලීය දර්ශකය (PGI) සහතික පිරිනැමීම පසුගියදා කොළඹ දී සිදුවිය. ශ්‍රී ලංකාවට ආවේණික වූ ලංකා කුරුඳුවල තරඟකාරිත්වය ඉහළ නැංවීම සඳහා Read More

මීනගයා දුම්රියේ ආපනශාලාව අධිකරණ නියෝගයෙන් සීල් පිට කොළඹට

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වන මීනගයා නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ආපනශාලා මැදිරිය අධිකරණ නියෝගයක් මත තාවකාලිකව 2024 පෙබරවාරි මස 08 වන දින දක්වා මුද්‍රා තැබීමට කටයුතු කොට ඇත. 2024 ජනවාරී මස 22 වන දින දින මඩකලපුව මහජන පරික්ෂකතුමා ඇතුළු කණඩායමක් එම දුම්රියේ ආපනශාලාව හදිසි පරීක්ෂාවකට ලක් කොට ඇත. එහිදී එම ආපනශාලාව අපිරිසිදු ලෙස පවත්වාගෙන Read More

t

o

p