එජාපයේ ප්‍රධාන තනතුරුවල දැවැන්ත වෙනසක් ලබන සතියේ

March 29, 2017

එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අභ්‍යන්තරයේ විප්ලවීය වෙනසක් ලබන සතියේ ප්‍රකාශයට පත් කෙරෙයි.
ඒ අනුව වසර හතකට අධික කාලයකට පසුව එක්සත් ජාතික පක්ෂයේ දැවැන්ත වෙනසක් සිදුවන්නේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 05 දින පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදි පක්ෂ අනාගත පරපුරට බාරදීමේ ප්‍රධානතම පියවරක් ලෙස මේ තනතුරු වෙනස්කම් කරනු ලබයි.
එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ කෙරෙන විප්ලවීය වෙනසකට අනුව දැනට තිබෙන නියෝජ්‍ය නායක තනතුරු එකේ සිට තුන දක්වා වැඩි කෙරේ.
එක්සත් ජාතික පක්ෂ වත්මන් නියෝජ්‍ය නායක ලෙස කටයුතු කරන්නේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය.
පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුරු තුනෙන් එකක් සුළු ජාතීන් වෙනුවෙන් වෙන් කෙරෙනු ඇතැයි අපේක්ෂිතය. එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයේ වෙනසක් සිදුවීමට නියමිත අතර ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ හිටපු නායක අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයක් ලැබෙනු ඇතිය දැන ගන්නට තිබේ.
දැනට එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරය දරනු ලබන්නේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාය.
වර්ෂ 1989 දී පාර්ලිමේන්තුවට ප්‍රථම වරට තේරි පත් වූ වත්මන් අමාත්‍යවරයෙකුට ද එක්සත් ජාතික පක්ෂ උප නායක ධූරයක් දීමට යෝජනා වී ඇත.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්ධූරයේ සංශෝධනයක් කිරිම ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා තුනේ හා පළාත් පාලන මැතිවරණයේ දින වකවානු තිරණය කිරිමෙන් පසු සිදු කරනු ඇතැයි අපේක්ෂිතය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධූරයට තරුණ කැබිනට් අමාත්‍යවරයෙකු පත් කරනු ඇතැයි පක්ෂ අ්‍යයන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ හා ලක් වනිතා සංවිධානයේ සභාපතිධූර ඉදිරි වර්ෂය සඳහාත් එලෙසම පවත්වාගෙන යාමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නව පත්විම් කිහිපයක් ද ලබන බදාදා පැවැත්වෙන රැස්විමේදි ප්‍රකාශයට පත් කරනු ලබයි. ඉදිරියේ පැවැත්විමට නියමිත උතුරු මැද, සබරගමුව හා නැගෙනහිර පළාත් ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම අභිනවයෙන් පත් කරන පක්ෂ නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරිමට එක්සත් ජාතික පක්ෂය අදහස් කර සිටියි.
ඉදිරියේදි පැවැත්වෙන ඕනෑම ජාතික මැතිවරණයකදී පක්ෂ වගකීම් අනාගත පරපුරට බාරදීමේ විප්ලවීය වෙනස්කම් මේ අනුව කරන බව පක්ෂ ඉහළ ප්‍රකාශකයෙක් පැවසීය.

t

o

p