ධීවර කර්මාන්තයේ ශිග්‍ර සංවර්ධනයක් උදෙසා වියට්නාමය හා ලංකාව අතර එකගතාවක්

March 14, 2017

ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනය සදහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා විසින් හදුන්වා දී ඇති නිල් ආර්ථික වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  පුර්ණ සහය ලබාදීමට වියට්නාමය කැමැත්ත පළ කළේය.

රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාව අද (14) හමුවී සාකච්ජා කල වියට්නාම තානාපතිනි Phan Kieu  Thu මහත්මිය මේ බව සදහන් කලාය.

මෙම හමුව අද පැවැත්වුනේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්යාලයේදීය.

මෙහිදී නිල් ආර්ථික වැඩපිළිවෙල පිලිබදව මෙන්ම බහුකාර්ය ධීවර වරාය ඉදිකිරීමේ වැඩපිළිවෙල , ධීවර කර්මාන්තය ආශ්‍රිත සංචාරක වැඩපිළිවෙල , ධීවර කර්මාන්තය ආශ්‍රිත අනාගත සංවර්ධන ඉලක්ක සහ ජලජිවි වගාව ව්‍යාප්ත කිරීම පිලිබදව වියට්නාම තානාපතිතුමිය දැනුවත් කලාය.

අනතුරුව අදහස් දැක්වූ වියට්නාම තානාපතිනි Phan Kieu  Thu මහත්මිය අවධාරණ කලේ ධීවර කර්මාන්තය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වැඩපිළිවෙල පිලිබදව තමන් ඉතාමත් සතුටට පත්වන බවය.

ඒ සදහා සහය ලබා දීමට තම රට සුදානම් බවත් අදාළ වැඩපිළිවෙල කඩිනමින් ඉදිරිපත් කරන්නැයි තානාපතිතුමිය රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමාගෙන් ඉල්ලීමක්ද කලාය.

ඒ අනුව දෙරට අතර මනා සහයෝගයෙන් ධීවර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා නිල් ආර්ථික වැඩපිළිවෙලට සමගාමී ව්‍යාපෘති වාර්තා කඩිනමින් තානාපතිතුමිය වෙත ලබා දීමට කටයුතු කරණ බව සදහන් කල දිලිප් වෙදආරච්චි මැතිතුමා ශ්‍රී ලංකාව මේ වන විට ශිග්‍ර සංවර්ධන මාවතකට ප්‍රවිෂ්ඨ වී ඇතැයි පෙන්වා දුන්නේය.

වියට්නාමය මෙන්  යුද්ධයෙන් බැටකෑ රටක් ලෙස ශ්‍රී ලංකාවද යුද්ධයේ නිමාවෙන් පසු මෙම සංවර්ධන මාවතට ප්‍රවිස්ඨවී වේගයෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බව සදහන් කළේය.

එම සංවර්ධන ගමනේදී වියට්නාමයෙන් ලැබෙන සහය ඉතා ප්‍රසංසනිය බව ද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිතුමිය කියා සිටියේ කතා කිරීමට වඩා වැඩකිරීම මගින් සංවර්ධන ඉලක්ක පහසුවෙන් ජයගත හැකි බැවින් ඍජුව දෙරට අතර අදාළ වැඩපිළිවෙල සදහා අවදානය යොමු කළ යුතු බවය.

t

o

p