බන්ධනාගාර බස් රථයකට වෙඩි ප්‍රහාරයක් : 7ක් මරුට

February 27, 2017

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට අද(27) උදෑසන එල්ල වූ වෙඩි ප‍්‍රහාරයෙන් රැඳවියන් පස් දෙනෙක් හා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

පාතාල කල්ලි නායකයෙකු වන අරුණ දමිත් උදයංග පතිරණ හෙවත් ‘සමයං’ ද මෙම ප්‍රරහාරයෙන් ජිවිතක්ෂයට පත්වී තිබේ.

අද උදෑසන 8.00ත් 8.30ත් අතර කාලය තුළ මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ කළුතර මල්වත්ත බන්ධනාගාරය ආසන්නයේදීයි.

ඒ අවස්ථාවේ මෙම රැඳවියන් පිරිස කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන යමින් තිබුණි.

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමෙන් සැරසුණු කැබ් රථයකින් පැමිණි පිරිසක් වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

ප‍්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලැබුණු අතර ඔවුන් මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

t

o

p