ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළට “ද ඉකොනොමිස්ට්” කියයි

February 26, 2017

සුප්‍රකට, “ද ඉකොනොමිස්ට්” ජාත්‍යන්තර ආර්ථික සඟරාව, මගින් 2016 වසරට අදාළව නිකුත් කරන ලද ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකය තුළ ශ්‍රී ලංකාවට, 66 වන ස්ථානය හිමිව තිබේ.
එය 2015 වසරට ස්ථාන තුනක් ඉහළ නැගීමක් වන අතර 2015 වසරේ මෙම දර්ශකය තුළ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 69වන ස්ථානයයි.
2015 වසර තුළ ශ්‍රී ලංකාවට මෙම දර්ශකයේදී සමස්ත ලකුණු 6.42ක් හිමිව තිබූ අතර 2016 වසරේදී මෙය ලකුණු 6.48 දක්වා ඉහළ ගොස් ඇත.
ආසියා පැසිෆික් කලාපය සැලකූවිට, ශ්‍රී ලංකාවට එම කලාපයේ 12 වන ස්ථානය මෙම දර්ශකය තුළ ලැබි ඇත.
මෙම දර්ශකය තුළ ඉහළම ස්ථානය ලැබි ඇත්තේ නෝර්වේ රාජ්‍යයට වන අතර එම රාජ්‍යය සමස්ත ලකුණු 9.93ක් ලබාගෙන ඇත. මෙහි දෙවන හා තුන්වන ස්ථාන අයිස්ලන්තය හා ස්වීඩනය විසින් ලබාගෙන ඇත.
මෙම දර්ශකයේ පහළම සිටින්නේ උතුරු කොරියාවයි. උතුරු කොරියාවට ලැබි ඇත්තේ ලකුණු 1.08ක් පමණි. මෙම දර්ශකයට අනුව චීනය 136 වන තැන පසුවන අතර ඇමෙරිකාව පසුවන්නේ 21 වන තැනයි.

t

o

p