වගා හානි වූ ගොවීන්ට මාර්තු සිට මාස 4ක් අඛණ්ව වන්දි

February 21, 2017

පවතින නියඟය හේතුවෙන් වගාවන් විනශායට පත් වූ ගොවීන්ට මාර්තු මස සිට මාස හතරක් අඛණ්ඩව වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙන බව ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදි අද (21) ප්‍රකාශ කළේය.
වී වගාවට විනාශ වූ ගොවින්ගේ කුඹුරු අක්කරයක් සඳහා රුපියල් දස දහසක වන්දියක් ගෙවන බවද ඇමතිවරයා කීවේය. සෙසු භෝග වගා කරන ගොවින්ටද මෙම වන්දිය ලබාදීමට සලකා බලන බවද ඇමතිවරයා පැවසීය.
ප්‍රාදේශිය ලේකම් කාර්යාල මගින් මෙලෙස නියඟයෙන් පීඩාවට පත් වූ ගොවින් ගැන හා සිදුවූ විනාශය ගැන තක්සේරු කිරිම් කරන බවද ඇමතිවරයා කීවේය. නියඟය නිසා දිස්ත්‍රික්ක 16 ක ජනතාව පීඩා විදින බවද කීය.
මෙම පීඩාවට පත් ජනතාවගේ පානීය ජල ගැටළුව සඳහා පිළියම් යෙදීමටද රුපියල් කෝටි පහක් වෙන් කර ඇති බව පැවසු ඇමතිවරයා බවුසර් මඟින් ජලය බෙදා හැරිමට තවත් රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබා දී ඇතැයිද කීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීය.

t

o

p