ලොව වයස්ගතම අලියා මිය යයි

February 2, 2017

ලොව වයස්ගතම අලින්ගෙන් අයෙකුවන ඉන්දියාවේ විසූ ‘ඉන්දිරා’ නම් වූ ඇතින්න මියගිය බව එරට වනජීවී නිලධාරීහු පැවසුහ.

අසනීප තත්වයකින් පෙළුණු ඇය ජනවාරි මස මුලදී ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළාය.

මෙම ඇතින්න සත්කාර පිණිස රඳවා සිටි දකුණු ඉන්දීය කර්ණාටක ප්‍රාන්තයේ සක්රෙබයිලු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පශු වෛද්‍යවරයකු පැවසූ පරිදි ඇතින්නගේ වයස අවුරුදු 80 ත් 90ත් අතරවන අතර සාමාන්‍යයෙන් අලියකුට අවුරුදු 70ක පමණ ආයු කාලයක් හිමි බවය.

මිනිස් ග්‍රහණයේ සිටි වයස්ගතම අලියා ලෙස මේ දක්වා වාර්තාවීගතව සිටි අලියා ‘ලින් වැං’ නම් විණි. තායිපේ හි සත්වෝද්‍යානයේ රඳවා සිටියදී 2003 වසරේදී මියයනවිට එම අලියාගේ වයස අවුරුදු 86ක් විය.

t

o

p