ඡි.එස්.පි බදු සහනය යළි ලබා දිමට යුරෝපා කොමිසම තීරණය කරයි.

January 12, 2017

ජී.එස්.පී. ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම ඊයේ (19) තීරණය කර ඇත. මේ අනුව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත අපනයනය  කරන භාණ්ඩ රැසකට පනවා තිබූ බදු ඉවත් කරලීමට පියවර ගත යුතු බවට යුරෝපා කොමිසම නිල වශයෙන් ඊයේ (19) දින යෝජනා කළේය.
මෙම ජී.එස්.පී. බදු සහනය යටතේ ඇඟළුම් හා මත්ස්‍ය නිෂ්පාදන අපනයන ඇතුළු බදු අයකරන අංශවලින් සියයට 66කට බදු අය නොකරනු ඇත.
මානව හිමිකම්, කම්කරු කොන්දේසි, පරිසර ආරක්ෂණය හා යහපාලනය යන අංශ යටතේ අන්තර්ජාතික සම්මුතීන් 27ක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය දක්වන ලද සාධනීය කැපවීම සලකා බලමින් මෙම බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම තීරණය කර ඇත.
ජී.එස්.පී. සහනය යළි ලබාදීම හරහා ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල රැකුලක් ලැබෙනු ඇති බවත් මේ හරහා යුරෝපානු වෙළෙඳ‍පොළ වෙත ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ඇති අවස්ථා වඩාත් පුළුල් වනු ඇති බවත් යුරෝපානු කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මල්ටිසේටේ‍රා්ම් මහත්මිය මේ පිළිබඳව අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.
මෙම සහනය ලබාදීමේ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා නීතිය හා යහපාලනය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රතිසංස්කරණ තවදුරටත් දියුණුවනු ඇතැයි අපේක්ෂා කරන බවද සිසිලියා මහත්මිය මෙහිදී සඳහන් කර ඇත.
කෙසේ වෙතත් ජී.එස්.පී. සහනය ලැබූ පමණින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් සියල්ල සම්පූර්ණ කර ඇති බවක් නොහැඟවෙන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා රජය තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බවත් සිසිලියා මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජී.එස්.පී. සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා කොමිසම ගත් තීරණය බලාත්මක වීමට මාස 4ක පමණ කාලයක් ගතවනු ඇති අතර එම කාලසීමාව අතරතුර යුරෝපා කොමිසමේ මෙම තීරණයට එරෙහිව විරෝධතා ඉදිරිපත් කිරීමටද යුරෝපා පාර්ලිමේන්තුවට හා කවුන්සිලයට අවස්ථාව ඇත.

t

o

p