අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වෙයි ද

October 13, 2016

ජනාධිපතිගේ කතාවට කළකිරි රජයේ ස්වාධීන ආයතනයක ඉහළම තනතුරක් හොබවන නිලධාරිනියක් ඉදිරි දින කිහිපය තුළ අදාළ නිලයෙන් ඉල්ලා අස්විමට නියමිතය.
තම ඉල්ලා අස්විම පිළිබඳ තීරණය අදාළ නිලය දරන්නා රටේ ඉහළම නායකයෙකුට නිල නොවන මට්ටමින් අද (13) දැනුම් දී තිබේ.
තමා නායකත්වය දෙන ආයතනයට මෑත කාලයේදී දේශපාලන වශයෙන් කරන ආර්ථදැක්වීම්වලට ප්‍රතිචාර දැක්විමක් වශයෙන් මෙලෙස ඉල්ලා අස්වි ප්‍රතිචාර දැක්විමට අදාළ තනතුර හොබවන්නා තීරණය කර ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
හොරකම හා දුෂණයෙන් තොරව ලංකාවේ යහපාලනයක් ස්ථාපිත කිරිම සඳහා මහත් අසිරුතා ඔස්සේ කාර්යභාරයක් කලද තම ආයතනය පිළිබඳව මෑත කාලයේ කළ අපකීර්තිමත් අර්ථ දැක්විමක් හේතුවෙන් අදාළ තනතුර දැරිය නොහැකි බව මෙම තනතුර දරන්නා විසින් රජයේ ඇමතිවරුන්ට කරුණු දක්වා ඇත.

 

t

o

p