කබිර්ට කොලේ වහලා ගහපු නිලධාරීන්ට වැඩ වරදියි

October 6, 2016

විගණකාධිපති වාර්තාවට අනුව 2014 වර්ෂයේ පාඩු ලැබු ආයතන සංඛ්‍යාව 72 ක් ලෙස සටහන්ව තිබියදී සිය අමාත්‍යාංශ නිලධාරින් එය 14 ක් ලෙස පාර්ලිමේන්තුවට දැන්වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමති කබිර් හෂිම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු ප්‍රශ්නයකට පිළිතුරු සැපයිමේදි එම නිලධාරින් නිවැරදි තොරතුරු ලබා දී නැති බවද ඇමතිවරයා කීවේය.
2014 වර්ෂයේ පාඩු ලැබු රාජ්‍ය ආයතන කවරේදැයි එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය ආයතන 14 ක් 2014 වර්ෂයේ පාඩු ලැබු ආයතන ලෙස සටහන් කොට තමට පිළිතුරු එවා තිබෙන බවත් තමා මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින ආකාරය අනුව එම පිළිතුර නිවැරදි නොවන බවද ඇමතිවරයා කීවේය.
විගණකාධිපතිවරයාගේ වාර්තාවට අනුව එම වර්ෂයේ පාඩු ලැබු රාජ්‍ය ආයතන 72 ක් ලෙස වාර්තා වී තිබුණා ඒ නිසා මම මේ පිළිතුරෙන් සෑහිමකට පත් වෙන්නේ නැහැ. නිලධාරින් තොරතුරු වසන් කරලා තියෙනවා මට මේ ගැන යළිත් සෙයලා බලලා පිළිතුරක් දෙන්න වෙයි යනුවෙන් ඇමති කබිර් හෂිම් මහතා ප්‍රකාශ කළේය.

t

o

p