ස්වාධින කොමිෂන් සභා නිසා රාජ්‍ය ආයතනන්හි ජුන්ටාවක් බිහි වෙලා

October 6, 2016

ස්වාධින කොමිෂන් සභා පිහිටුවීමෙන් රාජ්‍ය ආයතනන්හි ජුන්ටාවක් බිහි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (06) ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී මෙන්ම මහජන පෙත්සම් කාරක සභා තිරණ ක්‍රියාත්මක කරවිමේ හා ආර්ථික අධික්ෂණ කාරක සභාවල කටයුතු කිරීමේ කටයුතුවලදී එම නිලධාරින් ඒවා මගහරිනා බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
එය යහපාලන රජයේ ඉදිරි වැඩපිළිවෙලට බරපතල තර්ජනයක් වී ඇති බව ද ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
මේ සම්බන්ධයෙන් තමා රාජ්‍ය පරිපාලන අමතා්‍යවරයාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවත් එවිට ඔවුන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් කතානායක කරු ජයසූරිය මහතා කීවේය.

t

o

p