බැංගලෝරයේ ඇඳිරිය

September 15, 2016

කාවේරී නදියේ ජලය සම්බන්ධයෙන් ද්‍රවිඩ ජාතිකයින් බහුතරයක් වෙසෙන තමිල්නාඩු ප්‍රාන්තය සමඟ ඇති කර ගෙන තිබෙන ගැටුම් නවතා සාමකාමී වන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බැංගලෝර වැසියන් ගෙන් ඉල්ලා සිටී.

බස් රථ සහ මෝටර් රථ වලට ගල් වලින් පහර දෙමින් සහ බස් රථ වලට ගිනි තබමින් සිදු කරන ලද දැඩි විරෝධතාව හේතුවෙන් ප්‍රදේශය පුරා ඇඳිරි නීතිය බල පවත්වනු ලැබීය. අදාළ ප්‍රදේශ තුළ දමිළ ජාතිකයන් විරෝධතා කරුවන්ගේ ඉලක්කය විය හැකි බැවින් ප්‍රදේශය පුරා පොලිස් නිලධාරීන් 15,000 ක් පමණ ස්ථාන ගත කර තිබුණි. පොලිස් රථයකට ගිනි තැබීමට උත්සාහ කළ පුද්ලයකු පොලිස් වෙඩි පහරකින් මරු මුවට පත් වී ඇති බව ද වාර්තා වේ. බැටන් ප්‍රහාර වලින් බේරීමට උත්සාහ දැරූ පුද්ගලයකු ද තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයකු ද මිය ගිය බව සඳහන් ය. ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණ විරෝධතා කරුවන් 300 ක් පමණ අත් අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජී. පරමේෂ්වර් ප්‍රකාශ කරයි. මයිසූර් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 150 ක් පමණ දුරට විරෝධතාකරුවන් රැඳී සිටින බව වාර්තා වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත දෙකක් වන කර්ණාටකය හා තමිල්නාඩුව හරහා ගලා බසින කාවේරි නදියේ ජලයෙන් දැනට දෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් තමිල්නාඩුවට මුදා හරින ලෙසට නියෝග කරමින් එම ප්‍රමාණය නිර්දේශ කිරීමටත් ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය ක්‍රියා කිරීමෙන් පසු කුපිත වූ කර්ණාටක වැසියෝ පෙරේදා බැං‍ගලොර් අගනුවර දෙවනත් කරමින් තමිල්නාඩු අංක තහඩු සහිත වාහන ගිනි තබමින් ද්‍රවිඩ ජාතිකයන්ට පහර දෙමින් ප්‍රචණ්ඩ විරෝධතා දියත් කළහ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p