මහ බැංකු බදුම්කර සිද්ධිය පිළිබඳ වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙනවා

September 8, 2016

මහ බැංකු බදුම්කර සිද්ධියට අදාළව විගණකාධිපතිවරයා විසින් සංවේදි තොරතුරු ඇතුළත්ව තමාට බාරදුන් සවිස්තර වාර්තාවේ පිටපත් සියලූ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (07) ප්‍රකාශ කළේය.
එම වාර්තාව ඉදිරිපත් කිරිම සඳහා මහ බැංකු අධිපතිවරයාගේ අවසරය ලද බවද කතානායකවරයා වැඩිදුරටත් කීවේය.
සිද්ධිය සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් කෝප් කමිටුවටත්, සංවේදි තොරතුරු ඇතුළත් පිටු 1251 ක විශේෂ වාර්තාවක් කතානායකවරයාටත් ලබාදීමට විගණකාධිපතිවරයා කටයුතු කර තිබුනි.
එම වාර්තාවේ රස්‍යභාවය ආරක්ෂා කිරිම සඳහා කතානායකවරයා මෙතෙක් කටයුතු කළ බැවින් එම වාර්තාව මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළේ නැත.
එහෙත් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරුන් දිගින් දිගටම කතානායකවරයාගෙන් කළ ඉල්ලිම හමුවේ තමා මේ මහ බැංකු අධිපතිවරයාගේ අවධානයට යොමු කිරිමට කටයුතු කළ බව කතානායකවරයා කීවේය.
ඒ විමසිම ප්‍රකාරව මන්ත්‍රීවරුන්ට එම වාර්තාව ලබාදිමේ බාධාවක් නැතැයි මහ බැංකු අධිපතිවරයා ඊයේ තමන්ට දැනුම් දුන්නේයැයිද කතානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p