කතරගම දේවාලයට අයත් භූමියක් ඉන්දියාවට දෙයිද ?

August 16, 2016

රුහුණු කතරගම දේවාලයට අයත් භූමියක් ඉන්දියාවේ තිරුපති දේවාලයට ලබාදීමට සූදානමක් පවතින බවට ගම්වාසීන් පිරිසක් චෝදනා කරයි.

කතරගම නාගදීපය ආසන්නයේ පවතින අක්කර 30ක පමණ ඉඩමක් මෙලෙස ලබාදීමට රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා කටයුතු කරමින් සිටින බව ඔවුන් චෝදනා කරයි.

කතරගම නගරයේ ජනතාව ඊයේ(15) පස්වරුවේ කතරගම දේවාල භූමියට පැමිණ මීට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වී තිබේ.

උද්ඝෝෂකයින් පෙන්වා දෙන්නේ කතරගම බස්නායක නිලමේවරයා සිදුකරන මෙම කටයුත්ත වහාම නතර කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩි.පි.කුමාර මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් බස්නායක නිලමේවරයා සඳහන් කළේ අදාළ භුමි ප්‍රදේශයේ ගොවිපොළක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර මෙම එල්ල වන චෝදනාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවයි.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p