වැට් පනත ගැන කතානායකගෙන් ඓතිහාසික තීන්දුවක්

August 10, 2016

එකතු කල අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත හෙවත් වැට් පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මූලාසනයේදී ඓතිහාසික ප්‍රකාශයක් කිරිමට නියමිතය.
වැට් බදු සංශෝධන පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් පාර්ලිමේන්තුව සතු බලතලවලට බලපෑමක් වූවේද යන්න පිළිබඳව ගැwුරින් කරුණු අධ්‍යයනය කර ඊළග පාර්ලිමේන්තු සතියේදී කතානායකවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු අගවිනිසුරු වූ සරත් එන් ද සිල්වා මහතා විසින් තමන්ටම අදාළව පාර්ලිමේන්තුව වෙත 2001 වසරේදී යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා ඉවත දමමින් කළ ඓතිහාසික ප්‍රකාශයද කතානායක කරු ජයසූරිය මහතාගේ අවධානයට මේ දිනවල යොමුවී පවතින බවද සඳහන්ය.
මූලාසනයේ විශේෂ ප්‍රකාශය කිරිමට පෙර කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ සියලූ පක්ෂ නායකයන් සමඟ විශේෂ රැස්වීමක් පැවැත්වීමටද නියමිතය.
මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ මෙන්ම බි්‍රතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය ක්‍රියාත්මක රටවල් ක්‍රියාකර තිබෙන ආකාරය ගැනද කරු ජයසූරිය මහතාගේ ප්‍රකාශයේදී දීර්ඝ ලෙස ගෙන හැර දක්වනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p